දිස්ත්‍රික් අභ්‍යන්තර විගණන අංශය හා දිස්ත්‍රික් පුහුණු ඒකකය එක්ව සංවිධානය කරනු ලැබූ පෞද්ගලික ලිපිගොනු විගණන පුහුණු වැඩසටහනක් අද දවස පුරා (30) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි සංවිධානය කර තිබුණි.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභ්‍යන්තර විගණන කටයුතු හා අනුයුක්තව සේවය කරන හා සියලුම විශයන්වල පෞද්ගලික ලිපි ගොනු විගණනය සම්බන්ධයෙන් වන නිලධාරීන් සදහා මෙම පුහුණුව පැවැත්විණි.

ඒ සදහා සම්පත්දායකත්වය දිස්ත්‍රික් අභ්‍යන්තර විගණක තුෂාරි ජයවර්ධන හා පින්නවල අලි අනාථාගාරයේ පරිපාලන නිලධාරී ඒ.එම්.සී වක්කුඹුර යන මහත්මීන් විසින් ලබා දුන්හ.

පුහුණුව අවසානයේ සහභාගීත්වය වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කෙරුණු අතර එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් /දිසාපති රංජන ජයසිංහ , අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බංඩාර හා සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මින් එක්ව සිටියහ.