×

පණිවුඩය

Invalid Page Request

රජයේ මගින් ක්‍රියාත්මක Clean Sri lanka වැඩ සටහනේ එක් අංගයක් වන පරිසරය පිරිසිදු කිරිමේ වැඩ සටහන ,සබරගමු පළාත් සභාවේ වැඩ සටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාරම්භක උත්සවය කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 31 ) කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රෙය්දී ඇරබිණි.

මෙහිදි කෑගල්ල නගරය ආශ්‍රිත මාර්ග පිරිසිදු කිරිම සිදු කෙරිණි.

කෑගල්ල නගර සභාව සංවිධානය කර තිබු මෙම වැඩ සටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික්කයේ සියථම රාජ්‍ය ආයතන, පාසල් මේ සදහා දායකත්වය ලබා දී තිබුණි.

මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා , අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මිය ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් , රාජ්‍ය නිලධාරීන් , පාසල් සිසුන් , මහජනතාව ඇතුළු පිරිසක් සහභාගී වුහ.