ප්රසම්පාදන ක්රියාවලිය පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (02) දිනය පුරා දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීණී.
සංශෝධනය කරන ලද ප්රසම්පාදන මාර්ගෝපදේශය පිළිබඳ ඒ විෂයට අදාල සියලුම නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරීණී.
ප්රතිපත්ති සම්පාදන කොමිසමේ අධ්යක්ෂ ඉන්දික් ප්රසන්න මහතාගෙන් මෙම වැඩ සටහන සඳහා සම්පත් දායකත්වය ලැබුණු අතර දිස්ත්රික් පුහුණු ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මේ අවස්ථාව සඳහා උතුරු මැද පලාත් ප්රධාන ලේකම් රංජන ජයසිංහ මහතා,අතිරේක දිස්ත්රික් ලේකම්වරුන් දෙපල ඇතුළු දිස්ත්රික් ලේකම් කාර්යාලයයේ මාණ්ඩලික නිලධාරීන් ,ප්රාදේශීය ලේකම්වරුන් , සහකාර ප්රාදේශීය ලේකම්වරුන් ,සැලසුම් අධ්යක්ෂවරුන් ඇතුළු ප්රසම්පාදන විෂයට අදාල නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සදහා එක්විය.


























