පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය හා පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධානය හා මෙහෙයවීම යටතේ 2024 / 2025 සබරගමුව පළාත් රාජ්‍ය සේවක ක්‍රිකට් තරගාවලිය ඊයේ දින ( 05) පැවැත්වුණා. මෙම තරගාවලියේ පිරිමි තරගාවලිය පැවැත්වුණේ පින්නවල බතමුරේ මහීපාල හේරත් ක්‍රීඩාංගනයේදී සහ කාන්තා තරගාවලිය පැවැත්වුණේ රඹුක්කන අශෝක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගාවලිය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශය විසින් සංවිධානය කර තිබූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායම් අතරත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල කණ්ඩායම අතරත් මෙම සුහද ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණා. මෙහිදී පිරිමි ශූරතාව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් අනුශූරතාව ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් හිමි කර ගත් අතර කාන්තා තරගාවලියේ ශූරතාව අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් අනුශූරතාව දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් හිමි වුණා.
රාජ්‍ය සේවකයන් අතර දිස්ත්‍රික් මට්ටමින් පැවති මෙම ක්‍රීඩා තරගාවලිය ඉතා උද්යෝගයකින් හා උණුසුම් මුහුණුවරකින් ඊයේ දවස පුරා පැවැති අතර තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව හිමි කරගත් පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වලට සහ තරගාවලියට සහභාගි වූ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රිකට් කණ්ඩායම්වලට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශයේ හෘදයාංගම සුභපැතුම් හිමි වුණා.




















