කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂි කාර්මික ප්‍රගතිය පිළිබඳ විමසා බැලෙන දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හා පරිසර කමිටුව අද (11)පෙරවරුවේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය.
කෘෂි ක්ෂෙත්රය සම්බන්ධ සියළුම ආයතනයන් ඒකාබද්ධ ප්‍රවේශයක් යටතේ කටයුතු කල යුතු බවත් ඒ සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කිරිමට ඉදිරියේදී කටයුතු කරන බවත් වැඩි දුරටත් අතිරේක දිස්ත්‍රික් ලේකම් වරයා පැවසීය.
Clean sri lanka වැඩ සටහනට සමගාමීව කරනු ලබන ආදර්ශ කුඹුරු අස්වැද්දීම හා වේලි පවිත්‍ර කිරිමේ වැඩ සටහන යටතේ 2025 යල කන්නය සඳහා සැම කෘෂි කර්ම පරියේෂණ හා නිෂ්පාදන සහකාර කොට්ඨාසයකම තෝරාගත් එක් කුඹුරු යායක් ආදර්ශ වී වගාවක් ලෙස අස්වැද්දීම, සෑම ගොවිජන සේවා බල ප්රදේශයකටම එක් තෝරාගත් ඇළ වේල්ලක් සුද්ද පවිත්‍ර කිරිටමේ කටයුතු සියළු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරිමට නියමිතය.
ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් "වී කරලට තව ඇටයක්" නමින් මේ වන විට වැඩ සටහනක් ක්‍රියාත්මක බවත් දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ටී.එච්.එස් තෙන්නකෝන් මහතා සදහන් කරයි. රසායනික පොහොර හා කාබනික පොහොර භාවිතය මගින් ඒකාබද්ධ ශාක පෝෂණ ක්‍රමවේදයක් මේ මගින් හදුන්වා දේ.
2025 වසරේ දිස්ත්‍රික් කෘෂි කර්ම අංශයේ, සැලසුම් අංශයේ , දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ ,සුළු අපනයන භෝග වගාවේ, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ,පශු සම්පත් හා සත්ව නිෂ්පාදන අංශයේ , ජල ජීවී අංශයේ ඉදිරි සැලසුම්ද මෙහිදී ඉදිරිපත් කෙරුණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වන සතුන් නිසා වගාවන්ට සිදුවන හානිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණු අතර ප්‍රාදේශිය මට්ටමින් වන සත්ව හානිය පිළිබද පිහිට වු කමිටු වලින් ඉදිරිපත් වු යෝජනා ගැන මෙහිදි අධානය යොමු කෙරිණි. එම යෝජනාවන් අවශ්‍ය කටයුතු සදහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්යක්ෂ එස්. එම් තිලකසිරි මහතා පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයට ආවේනික වු බන්දුල පෙතියා මත්සයා රැක ගැනිමේ අවශ්‍යතාවය වන ජීවී දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නියාමක ප්‍රදීප් රත්නසිරි මහතා සිදු කල සමීක්ෂණයක් ඇසුරින් කරුණු දැක් වු අතර ඒ සඳහා පරිසර කමිටුවේ විශේෂ අවධානය යොමු විය .
මේ අවස්ථාවට,ප්‍රාදේශිය ලේකම්තුමන්ලා, , ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ,කෘෂි ක්ෂෙත්රයට අයත් ආයතනවල ප්‍රධානීන් , ගොවිජන සේවා මධ්‍යස්ථාන වල නිලධාරීන් ,ගොවි සමිති වල නියෝජිතයින්. පරිසර අදිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ.

























