ශ්‍රී ලංකා පෙර සූදානම් සහයෝගීතාවය (SLPP) ආසියානු පෙර සූදානම් සහයෝගීතාවය (APP) යටතේ ජාතික හවුල්කාරීත්ව එකමුතුවක් ලෙස ක්‍රියා කරන අතර එහි කෑගල්ල දිස්ත්‍රික් ව්‍යාපෘති සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා පළමු දිස්ත්‍රික් මට්ටමේ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා වැඩසටහන අද (20)පෙරවරුවේදී කෑගල්ල අඹ සෙවණ හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා පෙර සූදානම් සහයෝගීතාවය (SLPP) මග පෙන්වීම යටතේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විරාජ් දිසානායක මහතා ඇතුළු එම ඒකකය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි .
ඒ අනුව කාලෝචිත සහ ඵලදායි ගංවතුර අවදානම් සන්නිවේදනය හා ප්‍රතිචාර දැක්වීම සහතික කරමින් දෙහිඕවිට ,රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ප්‍රජාපාදක ගංවතුර පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතිය වැඩිදියුණු කිරීම හරහා මීට අදාල ව්‍යාපෘති ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීම මෙම වැඩසටහනෙහි මුඛ්‍ය අරමුණ විය.
මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත දේශනය ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පෙර සූදානම් හා සැලසුම් අධ්‍යක්ෂ චතුර ලියනාරච්චි මහතා විසින් සිදු කළ අතර දිස්ත්‍රික්කය තුළ අවදානම් ප්‍රදේශ හඳුන්වා දීම දිස්ත්‍රික්කයේ ගැටලු හා අවදානම් පිලිබද පෙන්වා දීම කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමන් විසින් සිදු කරන ලදී.
මෙහිදී ශ්‍රී ලංකා පෙර සූදානම් සහයෝගීතාවය (SLPP) පිළිබඳ හැඳින්වීම ජනතාක්ෂන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු නන්දන මොහොට්ටිගේ මහතා විසින් සිදු කළ අතර බුද්ධිමා ගුණරත්න මහත්මිය විසින් ශ්‍රී ලංකා පෙර සූදානම් සහයෝගීතාවය ව්‍යාපෘති සැලැස්ම සහ අපේක්ෂාවන් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.
මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික්කයේ පවතින රාජ්‍ය ,රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ හා පෞද්ගලික අංශයන්හි සියලුම දිස්ත්‍රික් මට්ටමේ පාර්ශවකරුවන් එක්ව සිටි අතර වැඩසටහන අවසානයේදී සංවාදාත්මක පිළිසඳරක් ගොඩනැඟුණි. එහිදී සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය පරිදි පවතින ආපදා තත්ත්වයන් හා ඊට ගත හැකි විසඳුම් හා යෝජනා පිළිබඳව පාර්ශව ගණනාවකගේ අදහස් සහ යෝජනා ලබා ගැණිනි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර,දෙහිඕවිට ,යටියන්තොට සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රී ලංකා අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් හා ආපදා ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනයන්හි නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
































