රාජ්‍ය නිලධාරීන්ගේ මානසික සුවපත්භාවය පිණිස පවත්වන සෞන්දර්යාත්මක ගී අඩහැරය සඳදිය නිමනයේ තෙවන දිගහැරුම 28 දින සැන්දෑයාමයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි නිමාවිය.
මෙවර  ගීත විචාරය සදහා එක් වූයේ ප්‍රවීන මාධ්‍යවේදී , ඵලදායිතා සංවර්ධන නිලධාරී සමන් බණ්ඩාර මහතා ය. ගීත ගායනයෙන් එක් වූයේද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහෘදයන් පිරිසකි.
පුරා දෙහෝරාවක් පුරා දිගහැරුනු කවිකාර හිත් දොඩමලු වු ගී රසවින්දනාත්මක සුයාමය සංවිධානය සිදු කරන ලද්දේ දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මිය ඇතුලු එම අංශය විසිනි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල් ප්‍රියදර්ශනී , දිස්ත්‍රික් ඉංජිනේරු සාරානාත් විමලචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුලු කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.
2
3
 
4
 
5
 
6
 
7
 
8Intro