කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ මෙහෙයවීමෙන් අටපිරිකර නීති සම්බන්ධයෙන් එම වෙළඳුන් හා නිෂ්පාදකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (17) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පසුගියදා (12) පවත්වන ලද කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අටපිරිකර නීති රිති සම්බන්ධව දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්විණි.එහිදි ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඉල්ලීම වූයේ අටපිරිකර නිෂ්පාදනය, වෙළඳාම පිළිබඳ නීතිරීති සම්බන්ධව අටපිරිකර නිෂ්පාදනය, වෙළඳාම පිළිබඳ නිතිරීති සම්බන්ධව අටපිරිකර නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමක අවශ්‍යතාවයක් පවතින බවයි.එම ඉල්ලීම පරිදි අද දින පැවති මෙම දැනුවත් කිරිම සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය එක්ව ලබා දෙන ලදි.
මෙම වැඩසටහන පිළිබඳ අරමුණ පැහැදිලි කිරිම දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එච්.ඒ ගුණරත්න මහතා විසින් සිදු කළ අතර වැඩමවා වදාල කෑගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය හියාරාපිටියේ නන්දරතන හිමියන් විසින් අනුශාසනා කතාවක් සිදු කළහ.
අටපිරිකර නියාමනය හා සම්බන්ධ වත්මන් තත්වය පිළිබඳ අදහස් දැක්විම ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ රත්නායක මහතා විසින් සිදු කරන ලදී.තවද අටපිරිකර හා සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ කාර්යභාරය පිලිබඳ හිරන්ත ඒකනායක මහතා පැහැදිලි කළේය.අනතුරුව අටපිරිකර වෙළෙඳුන් හා නිෂ්පාදකයින් සඳහා අදහස් දැක්වීමට අවස්ථාව ලබා දුන් අතර විධිමත් නියාමනයක් යටතේ නිසි නිර්දේශයන්ට අනුකූලව මෙම ව්‍යාපාරය පවත්වා ගැනීම හා ඊට අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බව ඔවුනගේ අදහස විය. ඒ අනුව මෙම හමුවේදී දැක්වූ අදහස් හා යෝජනා මේ වනවිටත් අදාල අමාත්‍යාංශ එක්ව සිදු කරන සාකච්ඡාවල අවදානය සදහාද යොමු කිරීමට නියමිතයි.
මෙම අවස්ථාවට මහා සංඝ රත්නය,දිස්ත්‍රික් ලේකම් /දිසාපති ජගත් හේරත්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත යන මහත්වරුන්, නියෝජ්‍ය පොලිස්පතිතුමන් ඇතුලු පොලිස් නිලධාරීන්, බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුලු පිරිසක් එක් වූහ.





























