බෝ නොවන රෝග වැළැක්වීමේ හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම අරමුණ කරගනිමින් පළමු වරට දිස්ත්‍රික් කමිටුව අද (25) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි රැස් විය.
ශ්‍රී ලංකාවේ පවතින රෝග අතුරින් 83% ක අගයක් බෝ නොවන රෝගයන්ට අයත් වේ. එමෙන්ම පවතින විවිධ සමාජ හා පුද්ගල හේතු මත මානසික රෝගාබාධ හට ගැනීමේ ප්‍රවණතාවයක් ද දිනෙන් දින උග්‍ර වෙමින් පවතී.ඒ ඔස්සේ එම රෝග සදහා ප්‍රතිකාර කිරීම සහ නිවාරණය වෙනුවෙන් විශාල ජාතික ධනයක් වෙන් කිරීමටද සිදු වේ. විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුල මානසික රෝග අතරින් ඉහල අගයක් ගනු ලබන්නේ විශාදය රෝගය සදහා වන අතර එය ප්‍රතිශතයක් ලෙස 35.6% කි.බෝ නොවන රෝග ද ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වාම වැළදීමේ තත්වයක් දක්නට ලැබේ.
ඒ අනුව මෙම පළමු කමිටු හමුවේදී මෙහි අරමුණ පිළිබද පෙන්වා දුන්නේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නිදර්ශනී පෙරියසාමී මහත්මියයි. විශේෂයෙන්ම් මෙම රෝගාබාධ වළක්වා ගැනීම සදහා සෞඛ්‍ය අංශය පමණක් නොව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් සෙසු රාජ්‍ය නිලධාරීන්ගෙ මැදිහත්වීම හා සහයෝගය ලබා ගැනීමේ වැදගත්කම මෙහිදී එතුමිය පෙන්වා දුන්නාය.
අනතුරුව දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍ය හා බෝ නොවන රෝග පිලිබද දත්ත පෙන්වා දුන්නේ පිළිවෙලින් මානසික සෞඛ්‍ය වෛද්‍ය සුරංජනිකා ගුනවර්ධන හා බෝ නොවන රෝග පිලිබද වෛද්‍ය උමන්දා දිසානායක යන මහත්මීන් ය.
ඉන් පසුව දිස්ත්‍රික්කයේ බෝ නොවන රෝග හා මානසික රෝග වැළැක්වීම පිළිබද සමාලෝචනය කරන ලද්දේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි රූපානන්ද මහත්මිය විසිනි.
ඒ අනුව මෙම කමිටුව ඔස්සේ ඉදිරියේදී මානසික රෝග ග්‍රාමීය මට්ටමින් හදුනා ගැනීම සදහා තෝරාගත් නිලධාරීන් පුහුණු කිරීම, ප්‍රජාව දැනුවත් කිරීම තවදුරටත් බල ගැන්වීම, නිවාස මට්ටමින් සෞඛ්‍ය දත්ත ලබා ගැනීම ඇතුලු කරුණු රැසක් ක්‍රියාවට නැංවේ.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත, ප්‍රාදේශීය ලේකම්වරුන් , සෞඛ්‍ය ක්ෂේත්රයට අදාල නිලධාරීන් , ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුලු පිරිසක් එක් වූහ.


























