ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව හා සුබසෙත විමසා බැලෙන දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටුව මාර්තු 25 දින දිස්ත්‍රික් ලේකම්/දිසාපති ජගත් තේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි රැස් විය.
උප්පැන්න සහතික නොමැති දරුවන් 265 ක් හඳුනා ගෙන ඇති අතර 114 ක් සදහා අවශ්‍ය උප්පැන්න සහතික ලබාදීමේ කටයුතු මේ වන විට සිදුකර අවසන්. පියාට උප්පැන්න සහතිකයක් නොමැති විම , දෙමාපියන් ඉදිරිපත් නොවීම, උපන් ස්ථානය පිළිබඳ නිශ්චිතව සඳහන් නොවීම, උපත් වාර්තාවක් නොමැති වීම, දෙමාපියන්ගේ විවාහ සහතික නොමැති වීම වැනි කරුණු මත මේ වන විටත් 138 දෙනෙකු සඳහා මේ වන විටත් උප්පැන්න සහතික ලබාදීමේ කටයුතු ප්‍රමාද වී ඇති බව ප්‍රාදේශීය ලේකම්වරුන් පෙන්වා දුන් අතර එම කටයුතු ඉක්මනින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු ගන්නා ලෙස අදාල අංශ වෙත දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් උපදෙස් ලබා දුණි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් අත්අඩංගුවට නොගෙන පාලනය කිරීමට හැකි සෑමවිටම කටයුතු කරන බවත් ඒ සඳහා මේ වසරේ මුල සිට වැඩසටහන් විසි හතරක් මගින් පුද්ගලයින් 5228 ක පිරිසක් දැනුවත් කර ඇති බවත් මෙම හමුවේ දී කියා සිටියේ දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ බාහිර සහකාරක එස්.සී තොටවත්ත පියතුමන් විසිනි.
සෞඛ්‍ය , පෝෂණය හා මානසික සෞඛ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් ගත් කල කෑගල්ල දිස්ත්‍රික්ක සැලකිය යුතු අවධානයක් යොමු කළ යුතු මට්ටමේ පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දුනි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි වෙන අවස්ථාවේදීම ගර්භණී මව්වරුන්ගෙන්14% මන්ද පෝෂණ තත්ත්වයෙන් හා මව්වරුන්ගෙන් තුනෙන් එකක් අධිබර ස්ථූලතාවයෙන් යුක්තය. දිස්ත්‍රික්කයේ මව්වරුන්ගෙන් රක්ත හීනතාව22 %කි. එය සැලකිය යුතු අගයකි. අඩුබර උපත් 16% කි.වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් වයසට නිසි බර නොමැතිවීම 18%කි.වයසට නිසි උස නොමැති වීම10%කි. පාසල් දරුවන්ගෙන් 21% කෘෂ භාවයෙන් යුක්ත අතර 8% ක් මිටි භාවයෙන් යුක්තය.ඉහත කරුණු කාරණා සලකා බැලීමේදී කෑගල්ල දිස්ත්‍රික්කය පෝෂණ මට්ටම අතින් ගැටලුකාරී තත්ත්වයක පවතී . මේ තත්ත්වයට ප්‍රධානම හේතුවක් ලෙස දරුවන් සදහා කෑම ලබාදීමේ රටාවේ පවතින යම් ගැටලුකාරී තත්ත්වයන්, ආර්ථික අපහසුතාවයන් හඳුනාගෙන ඇත. මෙම ගැටලුකාරී තත්වය යම්කිසි අකාරයකින් නිරාකරණය කර ගැනීමට ග්‍රාමීය හා දිස්ත්‍රික් පෝෂණ කමිටු සක්‍රීය කළ යුතු බව මෙහිදී අනාවරණය විය.
පසුගිය අවුරුදු අට තුළ භාෂා හා ගණිත සාක්ෂරතාවය ඉහළ නංවමින් ද්විතික අධ්‍යාපනය වෙත යොමු කිරීමට දැඩි උත්සාහයක් ගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යත්වයේ විභාගයෙන් ලකුණු 100 ට වඩා වැඩියෙන් ගත් ශිෂ්‍යයින් වැඩිම සංඛ්‍යාවක් සිටින පලාත ලෙස සබරගමු පළාත හදුනාගෙන ඇත.එය 43.66%ක ප්‍රතිශතයක් බව හෙළි විය. දුෂ්කර පාසල් වල දෙමළ මාධ්‍ය ප්‍රාථමික අංශයේ ගුරු හිගය පියවීමට ඉදිරි ජූනි මාසය වන විට පියවර ගැනීමට කටයුතු කරන බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තුමන් පැවසීය.
උපකාරක පන්ති පැවැත්වීමේදී ළමුන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු, ආරක්ෂාව හා මත්ද්‍රව්‍ය සදහා ළමුන් යොමුවීම වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපකාරක පන්ති ගුරුවරුන් දැනුවත් කිරීමටද කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡා කෙරිණි.
පරිවාස දෙපාර්තමේන්තුව, කම්කරු කාර්යාලය, පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය හරහා සිදු කරන මැදිහත්වීම් හා රාජ්‍ය නොවන සංවිධාන මෙම කටයුතු සඳහා මැදිහත් වන ආකාරයත්,මේ වන විටත් විසඳාගත යුතු මට්ටමේ පවතින කාන්තාවන් හා ළමුන් සම්බන්ධ ගැටලු කීපයක් කමිටුව වෙත ඉදිරිපත් වූ අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්තුමං අවශ්‍ය අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
මෙම දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටුව සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි එච්.එම්.සී කාන්ති හේරත් මහත්මිය ඇතුලු එම අංශය විසිනි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල්. ප්‍රියදර්ශනී යන මහත්මීන් හා ප්‍රාදේශිය ලේකම්වරුන්,ළමා හා කාන්තා විෂයන්ට අදාල රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

































