පෞද්ගලික ජීවිතය හා රාජකාරි ජීවිතය කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍යය මඟ පෙන්වීම ඇති කරලනු පිණිස මනෝ උපදේශන වැඩසටහනක් මාර්තු 03 දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී දිස්ත්‍රික් ලේකම් / දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත් මහත්මාගේ ප්‍රධානත්වයෙන්.


රාජ්‍ය නිලධාරීන්ගේ මානසික නිරවුල්භාවය, ධනාත්මක සිතුවිලි ඇති කරගැනීම, මහජනතාවට නිසි ලෙස ඔවුන් මගින් සේවය ඉටු කර ගැනීම හා ඔවුන්ගේ ආතතිය දුරු කර ගැනීමටත් එය පෞද්ගලික හා රාජකාරි ජීවිතයට අනුගත කර ගැනීමෙන් යහපත් සමාජයීය කාර්යයක් ඉටු කර ගැනීමේ අරමුණ ඇතිවයි අද දින මෙම වැඩසටහන පැවැත්වුණේ.
මෙම අවස්ථාවට සහභාගිව එහි අරමුණ පැහැදිලි කළ දිසාපති එච්. එම්. ජේ. එම්. හේරත් මහත්මාගේ අදහස වූයේ රාජ්‍ය සේවය යහපත්ව පවත්වා ගැනීම සඳහා මානසික ආතතියෙන් තොරව කටයුතු කිරීම තුළින් සාමාන්‍ය ජනතාවට යහපත් සේවාවක් ඉටු කර දිය හැකි බවයි. එමෙන්ම වර්තමාන කාලය තුළ රාජකාරි ජීවිතය හා පෞද්ගලික ජීවිතය සතුටින් ගත කිරීම ඉතා වැදගත් බවත් එමගින් මානසික ප්‍රශ්න ගැටලුවකින් තොරව විසඳාගත හැකි බවත් මෙම පුහුණුව ඒ සඳහා රුකුලක් වන බවයි එතුමන් ප්‍රකාශ කර සිටියේ.
මෙහිදී සම්පත් දායකයෙකු ලෙස ලංකාවේ විවිධ ප්‍රදේශවල මනෝ උපදේශන වැඩමුළු පවත්වමින් මනෝ උපදේශිකාවක මෙන්ම මනෝ චිකිත්සකවරියක ලෙස කටයුතු කරන ප්‍රවීණ දීප්ති පෙරේරා මහත්මිය අද දින මෙම වැඩමුළුවට සහභාගි වී රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමද විශේෂත්වයක්. එක් දින වැඩමුළුවක් වූ මෙම වැඩසටහනේදී එතුමිය පැහැදිලි කර සිටියේ මනා පෞරුෂයකින් හෙබි, ආතතියෙන් තොර, මානසික නිරවුල් භාවයෙන් යුතු රාජ්‍ය නිලධාරියෙකු මෙම පුහුණු වැඩසටහන මගින් නිර්මාණය කරගත හැකි බවයි.
මෙම පුහුණු වැඩසටහන දිස්ත්‍රික් පුහුණු ඒකකය මගින් සංවිධානය කර තිබූ අතර මෙහි සම්පත්දායක සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ලද්දේ දිස්ත්‍රික් පෞරුෂ සංවර්ධන මනෝ උපදේශිකා රේණුකා ජයරත්න මහත්මියයි. වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු අංශවල නිලධාරීන් හා දිස්ත්‍රික් පුහුණු ඒකකයේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වූ අතර ඉතා සාර්ථක වැඩසටහනක් ලෙස මෙම වැඩමුළුව අවසන් වීම විශේෂත්වයක්.

1

2

3

4