තිරසර කවය සංවිධානය කළ බෝ නොවන රෝග හා අනෙකුත් රෝග වලින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (04) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


බෝ නොවන රෝග හා විශේෂයෙන්ම කාලීනව බහුලව ව්‍යාප්ත වන දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග පිළිබඳ මෙහිදී සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළ අතර ඒ සඳහා තම දැනුම හා අත්දැකීම් ලබාදීම සඳහා එක්වූයේ පාරම්පරික හා ආයුර්වේද විශේෂඥ බී .ඒ රත්නපාල මහතා ය.
දේශනයෙන් අනතුරුව රෝගී වාර්තා පරීක්ෂා කිරීමටත් අදාළ ඉදිරි ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහාත් ඒ මහතා විසින් සිදුකර දෙන ලදී.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් )දිලීප් නිශාන්ත ,කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ යන මහත්ම මහත්මීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

1

2

3

4

5