දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධ දිදුල පෙර පාසලේ සිඟිති අවුරුදු උත්සවය මාර්තු සම 09 වන දින කෑගල්ල පොලිස් ක්‍රීඩාංගනයේදී සාර්ථකව නිමාවට පත්විය.


වට්ටියට බුලත් ඇහිරීම, ශර්ට් එකට බොත්තන් දැමීම, අලියට ඇස තැබීම, බැලුම් පිම්බීම, කැවිලි ඇහිදීම, ගෝනි රේස් ,බෝතලයට වතුර පිරවීම, කඩදාසි ඇඳුම් ඇන්දවීම ඇතුළු තරග රැසකින් සමන්විත වූ මෙවර දිදුල පෙර පාසලේ සිඟිති අවුරුදු උත්සවය පැවැත්වුණේ දෙවන වතාවටයි.
පුංචි දරු දැරියන්ගේ සහ දෙමව්පියන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර අවුරුදු උත්සවයට නර්තනාංග ගණනාවක්ද එක් කර තිබීම විශේෂත්වයකි.
මෙම අවස්ථාව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, පරිපාලන නිලධාරිනී යාමිණි රත්නායක, දිස්ත්‍රික් මුල් ළමා විය සංවර්ධන නිලධාරී සුදාරිකා චන්ද්‍රසිරි,දිදුල පෙර පාසල් විෂය භාර සංවර්ධන නිලධාරිනී එරන්දි ගුණතිලක යන මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දිදුල පෙර පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

1

34567891011121314151617181920