ජගත් පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 වන දින සැමරේ.මෙවර මෙම වැඩසටහන ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතී.ඒ පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මැයි මස 15 දින පස්වරුවේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ වසරේදී "Ending plastic pollution " ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු යන තේමාව යටතේ පරිසර දිනය පැවැත්වීමට නියමිතව ඇත .

ඒ සඳහා පරිසර දින ජාතික සැමරුමට සමගාමීව මැයි 30 වන දින සිට ජූනි 05 වන දින දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත්කර කර මෙම සතිය තුළින් පරිසර සංරක්ෂණය සඳහා කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳ පරිසර අමාත්‍යාංශය විසින් දැනුවත් කර ඇත.
මැයි මස 30 වන දින ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය, මැයි මස 31 වන දින වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය, ජුනි මස 01 වන දින පරිසර පවිත්‍රතා පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
2025. 06.02 දිනට යෙදෙන ජෛව විවිධත්ව කළමනාකරණ දින වැඩසටහන යටතේ රුක්රෝපණ වැඩසටහන් කෑගල්ල අඩවියේ වරකාපොල කාර්මික විද්‍යාලයයේ දෙහිඕවිට අඩවියේ වහරක ප්‍රාථමික විද්‍යාලයයේ හා රුවන්වැල්ල මහජන පුස්තකාලයේ කිතුල්ගල අඩවියේ ගෝනගමුව කනිෂ්ඨ විද්‍යාලය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ හා සමගාමීව තුල්හිරිය කන්ද මහෝගනී වන වගා රක්ෂිතය, උඩලියද්ද යෝජිත රක්ෂිතය හා වේරැහැන් කන්ද යෝජිත රක්ෂිතය , වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
යටියන්තොට කිතුල්ගල උතුර ශ්‍රී ලැන්ඩ් වත්ත හිමි ඉන්ද්‍රකාන්ති පෙරේරා මහත්මියට අයත් පුද්ගලික වනාන්තර භූමියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කළමනාකරණය සඳහා යොදා ගැනීමට නියමිතය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම භූමිය සංරක්ෂණය කිරීමේ අරමුණ වන්නේ ජෛව විවිධත්වයෙන් අනූන වන ආවරණයක් සහිත භූමියක් වීම ,දිවියන් වැනි සිවුපාවන් හා දුර්ලභ ආවේණික පක්ෂීන්ගේ නිවහනක් වීමත් ,නාය යෑමේ තර්ජනයට ලක්වී ඇති භූමියක් වීමත් ,කැළණි ගඟේ ජල පෝෂකයක් වීමත් යන කරුණු පදනම් කරගෙනය.
කෑගල්ලට පමණක් ආවෙනික බන්දුලපෙතියා මත්ස්‍යයා සංරක්ෂණ අභය භූමිය ප්‍රකාශයට පත් කිරීම හා ගැසට් පත්‍රය එළිදැක්වීමත් ,බන්දුල පෙතියා මස්සයා සංරක්ෂණය උදෙසා පිහිටවීමට නියමිත අභය භූමිය පිළිබඳ දැන්වීම් පුවරු නිරාවරණය කිරීමටත් , බන්දුල පෙතියා වාසය කරන ඇළ මාර්ගයේ දෙපස රුක්රෝපණ වැඩසටහනක් මේ හා සමගාමීව පැවැත්මට නියමිතය .
ජගත් පරිසර දින සැමරුමට සමගාමීව ජුනි 02 දින සිට 05 වන දින දක්වා කෑගල්ල නගර ශාලාවේදී ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය ,වෙරල සම්පත් සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු හා NARA ආයතනය මේ හා සම්බන්ධ වීමට නියමිතය.
2025.06.05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින සැමරුම් උත්සවයේදී බන්දුල පෙතිය මත්සයා පිළිබඳ කෙටි වාර්තාමය වැඩසටහනක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. නිදහස් මාවත ආශ්‍රිත රුක් රෝපණ වැඩසටහනක් ,පරිසර දින සැමරුමට අදාල තරග වලින් ජයග්‍රහණය කළ දරු දැරියන් සඳහා අතිගරු ජනාධිපතිතුමා අතින් සහතික පත් පිරිනැමීමට නියමිතය .
මෙම ජාතික පරිසර දින වැඩසටහනෙන් සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික්කය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බන්ඩාර මහත්මිය ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතා,ප්‍රාදේශීය ලේකම්වරුන්, ඇතුළු පරිසර විෂයට සම්බන්ධ සියලුම ආයතනවල ප්‍රධානීන් පිරිසක් එක්ව සිටියහ.

 3

4

5