නව රජය බලයට පත්වීමෙන් පසු 2025 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු රැස්වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ දින පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත්. මහතාගේ වරුන්ගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.

දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි දේශපාලන අධිකාරියට අයත් මහත්ම මහත්මා වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිළිගැනීමෙන්, අරමුණ පැහැදිලි කිරීමෙන් පසු සභාවේ කටයුතු ඔබවන ලද්දේ සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන් විසිනි. එහිදී අදහස් දැක්වූ සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන් කියා සිටියේ " වත්මන් රජයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට විවිධ පාර්ශ්වයන් විසින් සමාජගත කරනු ලබන දුර්මත පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් එවැනි දුර්මත පිළිබඳ සැක සංකා පහළ නොකර ගනිමින් ලැබූ ජනවරමට සාධාරණය ඉෂ්ට කිරීම, ඒ වෙනුවෙන් මැදිහත්වීම සහ ඒ වෙනුවෙන් වැඩ කිරීම කළ යුතු බවයි.'
න්‍යාය පත්‍රානුකූලව 2025 තරුණ දිනයට සමගාමීව සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල Youth Club පිහිටුවීම සම්බන්ධව ප්‍රථමයෙන්ම අදහස් දක්වන ලද්දේ කෑගල්ල ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂතුමන් විසිනි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ජාතික තරුණ සේවා සභාව විසින් ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස Youth Club වැඩසටහන හඳුන්වා දිය හැකියි. තරුණයන්ගේ අනාගතයට පැහැදිලි ඉලක්ක සකස් කර සපුරාගත යුතු වෘත්තීය සුදුසුකම් ලබා දී, තමා කෙරෙහි විශ්වාසයේ තබා, තමාටත්, පවුලේ අයටත්, පාසලටත්, සමාජයටත්, රටටත් සහ ස්වභාව ධර්මයට ආදරය කරන මනා පෞරුෂයකින් හෙබි තරුණයකු බිහි කරලනු වස් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි දැනුම, කුසලතා සහ ආකල්පවලින් පිරිපුන් තරුණ පරපුරක් නිර්මාණය කිරීමට වෘත්තීය මාර්ගෝපදේශනය සහ උපදේශනය, කාර්මික සහ වෘත්තීය පුහුණු අවස්ථා, සෞන්දර්ය පුහුණු අවස්ථා, ක්‍රීඩා කෞශල්‍යය වර්ධන අවස්ථා, සේවාස්ථ පුහුණු අවස්ථා, රැකියා ගත කිරීම, වැඩිදුර අධ්‍යාපනයට මග පෙන්වීම, ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන්, නායකත්ව කුසලතා වර්ධනය ඇති කිරීමත් තරුණ අවශ්‍යතා හඳුනා ගැනීම සහ තරුණයන් ජාලගත කිරීම (Inclusion), ශ්‍රී ලංකා යෞවන සමාජ ව්‍යාපාරය සහ වෙනත් තරුණ සංවිධාන වටා තරුණයන් ඒකරාශී කිරීම, ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව, ධනාත්මක තරුණ සංවර්ධනය (Empowerment), ආර්ථික වශයෙන් බලගැන්වීම, දේශීය / විදේශීය රැකියා වෙළඳපොළ / ස්වයං රැකියා සඳහා යොමුවීමට අවශ්‍ය වෘත්තිය සහ තාක්ෂණික නිපුණතා සංවර්ධනය මෙහි සේවා අතර වෙනවා.
මෙම සේවාවන් ලබාදීම සඳහා පුහුණු මධ්‍යස්ථාන 55ක් පූර්ණකාලීන පාඨමාලා 35ක් අර්ධකාලීන පාඨමාලා 74ක් ඇති කිරීමටත් නිපුණතා සංවර්ධනය, සෞන්දර්ය නිපුණතා සංවර්ධනය සඳහා පුහුණු මධ්‍යස්ථාන 3ක් බිහිකිරීමටත් මෙහිදී කටයුතු යොදා තිබෙනවා. නාට්‍ය කුසලතා, ක්‍රීඩා කුසලතා, ක්‍රීඩා කුසලතා සංවර්ධනය, ජාත්‍යන්තර තරුණ සම්බන්ධතා සංවර්ධනය ඇති කිරීමත් අධ්‍යාපන / වෘත්තීය පුහුණු පාඨමාලා යටතේ පුහුණු ක්ෂේත්‍ර ලෙස තොරතුරු සහ සන්නිවේදනය, C I S C O Certification (Network Administration / Cyber Security), Microsoft Certification (A I Fandamentals) Artificial Intelligence. ඊට අමතරව ඉංජිනේරු / කාර්මික මෝටර් රථ තාක්ෂණය, ශීතකරන හා වායු සමන තාක්ෂණය, විදුලි හා විද්‍යුත් තාක්ෂණය, වෘත්තීය සූපවේදය (Professional Cookery) සහ කළමනාකරණ පාඨමාලා, ජාත්‍යන්තර භාෂා පාඨමාලා, සෞන්දර්ය පාඨමාලා, නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමා, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ඩිප්ලෝමා, සිනමාකරන, සත්කාර සේවා තවත් පාඨමාලා කිහිපයක්. තරුණ කුසලතා / හැකියා අගය කිරීමේ අවස්ථා සඳහා ජාතික යෞවන සම්මාන තරගාවලිය සහ උළෙල හැඳින්විය හැකියි. ඒ යටතේ ජාතික යෞවන නාට්‍ය තරගාවලිය, කෙටි චිත්‍රපට උළෙල, ජාතික යෞවන ක්‍රීඩා තරග සහ උළෙල, තරුණ සේවා රූපවාහිනී වොලිබෝල් තරගාවලිය, New Genaretion Awards, Duke of Edenborough's International youth Awards ආදී තරගාවලි සහ උළෙල මගින් මේ සියල්ල යථාර්ථයක් කිරීමට දරුවන්ට මග කියා දෙන්නට Youth Club සැදී පැහැදී සිටි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සැලකීමේදී ක්‍රියාත්මක වැඩසටහන් අතර විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, සංචාරක සංවර්ධන වැඩසටහන, ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩසටහන, වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය දැක්විය හැකියි. එම වැඩසටහන් මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන් අතර රුවන්වැල්ල ප්‍රතිලාභීන් 10ක් සඳහා වැසිකිලි පහසුකම් සැපයීම, ආපදා නිවාස වැඩසටහන, කෑගල්ල හා බුලත්කොහුපිටිය කොට්ඨාස සඳහා පානීය ජලය සැපයීම, වතු ප්‍රදේශවල යටිතල පහසුකම් සැපයීම හා විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ රුපියල් මිලියන 103ක මුදලක් අනුමත වී ඇති අතර අමාත්‍යාංශයට යොමු කර ඇති යෝජනා සංඛ්‍යාව 71ක්. ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 103ක් වන අතර අනුමත කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 43ක්. ඒ අනුව අනුමත කර ඇති මුළු මුදල රුපියල් මිලියන 65ක්.
2025 ප්‍රජා සවිවල ගැන්වීමේ වැඩසටහන ප්‍රධාන වශයෙන් වැඩසටහන් දෙකක් ඔස්සේ සිදු කෙරේ. 1.ආසියානු සංවර්ධන බැංකු වැඩසටහන (නියමු ව්‍යාපෘතිය)
2. ජාතික සවිබල ගැන්වීමේ වැඩසටහන (සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රතිපාදන)
1.ආසියානු සංවර්ධන බැංකු වැඩසටහන මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක්, ග්‍රාම නිලධාරී වසම් 25ක්, ඉලක්කගත ප්‍රතිලාභීන් 800ක් නියෝජනය වීමද,
2.ජාතික සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක්, ග්‍රාම නිලධාරී වසම් 548ක්, ඉලක්කගත ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 20273ක් නියෝජනය වීමද මෙහිදී දැකිය හැකියි.
ජගත් පරිසර දිනය සෑම වසරකම ජුනි මස 05 වන දින සැමරේ. මෙවර මෙම වැඩ සටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතී.
මේ වසරේදී "Ending plastic pollution " ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය අවසන් කරමු යන තේමාව යටතේ පරිසර දිනය පැවැත්වීමට නියමිතව ඇත .
ඒ සඳහා පරිසර දින ජාතික සැමරුමට සමගාමීව මැයි 30 වන දින සිට ජූනි 05 වන දින දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත්කර කර මෙම සතිය තුළින් පරිසර සංරක්ෂණය සඳහා කළ යුතු ක්‍රියාකාරකම් පිළිබඳ පරිසර අමාත්‍යාංශය විසින් දැනුවත් කර ඇත.
මැයි මස 30 වන දින ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය, මැයි මස 31 වන දින වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ආදී ලෙස කළ යුතු වැඩසටහන් පිළිබඳව දැනුම් දෙන ලදී.
කෑගල්ලට පමණක් ආවේනික බන්දුලපෙතියා මත්ස්‍යයා සංරක්ෂණ අභය භූමිය ප්‍රකාශයට පත් කිරීම හා ගැසට් පත්‍රය එළිදැක්වීමත්, බන්දුල පෙතියා මස්සයා සංරක්ෂණය උදෙසා පිහිටුවීමට නියමිත අභය භූමිය පිළිබඳ දැන්වීම් පුවරු නිරාවරණය කිරීමටත්, බන්දුල පෙතියා වාසය කරන ඇල මාර්ගයේ දෙපස රුක් රෝපණ වැඩසටහනක් මේ හා සමගාමීව ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි. මෙම වැඩසටහන සඳහා කෑගල්ල දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතා, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ගාමිණි ඒකනායක, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සබරගමු පළාත් සභාව නියෝජනය කරන නිලධාරීන් සහභාගි විය.
 

1

2

3

4

5