ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත ක්රියාත්මක Connect 2025 - Youth Clubs පිහිටුවීමේ ඉදිරි සැලසුම් සකස් කිරීම හා ක්රියාත්මක කිරීම සම්බන්ධව විශේෂ හමුවක් මැයි 29 වන දින රඹුක්කන පින්නවල අපේගම පරිශ්රයේදී පැවැත්විණි .
මෙහිදී ඉදරි ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට දිස්ත්රික්කයේ සියලුම සම්පත් කළමනාකරණය කර ගැනීමත් ඒ සදහා නිසි සැලසුම් සකස් කර ගැනීම සම්බන්ධවත් සාකච්ඡා කෙරිණි .
මෙම හමුවේ ප්රධාන සම්පත් දායකත්වය ජාතික තරුණ සේවා සභාවේ සබරගමුව පලාත් අධ්යක්ෂ ශාන්ත අබේවික්රම මහතා විසින් සිදුකරන ලදී.
අනාගත අභියෝගයන්ට සාර්ථක මුහුණ දිය හැකි දැනුම, කුසලතාව, ආකල්පවලින් පිරි තරුණ පරපුරක් බිහි කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
යෞවන සමාජ දිස්ත්රික් සම්මේලන සභාපතුමා ඇතුළුව ක්රියාකාරි නායක නායිකාවන්ගේ සහභාගීත්වය සහිත මෙම හමුව තුලින් සහභාගි වූ සැමට නවමු අත්දකීමක් හා මනා සුහදතාවයක් වර්ධනය කරගැනීමටත් මහගු අවස්ථාවක් සැලසුනි.
ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්යක්ෂ සුචින්ත දිසානායක මහතා මේ වැඩසටහන සංවිධානය කර තිබුණි
මෙම විශේෂ හමුව සදහා යෞවන සමාජ ආදි යෞවන නායක උසිත ජීවන් මහතා ,සබරගමුව පලාත් අධ්යක්ෂතුමාන්, කෑගල්ල තරුණ සේවා සබාවේ නිලධාරී මහත්ම මහත්මීන්,කෑගලු දිස්ත්රික් තාරුණ තරුණියන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.























