ජූනි මස 05 දිනට නියමිත ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව මෙවර ජාතික සැමරුම කෑගල්ල නිදහස් මාවතේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
එයට සමගාමීව වැඩසටහන් මාලාවක් පරිසර සතිය තුළ ක්‍රියාත්මක වේ.
පරිසර සතියේ පවිත්‍රතා දිනය වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන මැදිහත්වීමෙන් පරිසර පිරිසුදු කිරිමේ වැඩසටහන් මාලාවක් අද 02 වන දින සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් කෑගල්ල බණ්ඩාරනායක වටරවුම ආශ්‍රිතව සිදු කළ පිරිසිදු කිරීමේ අවස්ථාව අපගේ කැමරා කාචයේ සටහන් වුයේ මෙසේය .































