2025 ප්‍රගති සමාලෝචන සහ අභිප්‍රේරණ වැඩසටහන සම්බන්ධ කරන්න
ජාතික තරුණ සේවා සභාවේ ප්‍රමුඛ වැඩසටහනක් වන යෞවන සමාජ පිහිටුවීමේ ඉහළම ප්‍රතිශතය (74%) කෑගල්ල දිස්ත්‍රික්කය විසින් වාර්තා කර ඇත.
මෙම ඉලක්ක සපුරා ගැනීමට දායක වූ නිලධාරීන්
අනාගත ඉලක්ක සම්පූර්ණ කිරීම සඳහා ප්‍රගති සමාලෝචනය සහ සාමූහික හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සහ පෙළඹවීම සඳහා අභිප්‍රේරණ වැඩසටහනක් කෑගල්ල දිස්ත්‍රික් ආණ්ඩුකාර / දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සබරගමුව පළාත් අධ්‍යක්ෂ ශාන්ත අබේවික්‍රම මහතාගේ සහභාගීත්වයෙන් අද (01) කෑගල්ල අමාලි මලින්හා ඇග්‍රෝ විලා හෝටලයේදී පැවැත්විණි.
ප්‍රායෝගික කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ සංගීත රසවින්දන අංග ඇතුළත් මෙම වැඩසටහන හරහා නිලධාරීන්ගේ එකමුතුකම, සහෝදරත්වයෙන් හා කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ අවශ්‍යතාවය සහ ඒකාකාරී බවෙන් මිදීමට ලබා ගන්නා අත්දැකීම් වෘත්තීය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද සාර්ථක වීමට බෙහෙවින් උපකාරී වනු ඇත.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් සුපුන් විජේරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික් තරුණ සේවා අධ්‍යක්ෂ සුචින්තන දිසානායක මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් විසින් මෙම වැඩසටහනට අනුග්‍රහය දක්වන ලද අතර තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ කෑගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකාරක විසින් සම්බන්ධීකරණය කරන ලදී.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් තරුණ සේවා සභාවේ නිලධාරීන් සහ තවත් අය සහභාගී වූහ.
.























