ශාරීරික හා මානසික සෞඛ්‍යය සඳහා යෝග වැඩසටහනක්
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රමාභිමානි කවය විසින් සංවිධානය කරන ලද යෝග ව්‍යායාම වැඩසටහනක් අද (23) උදෑසන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සෑම අංශයක්ම නියෝජනය වන පරිදි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම යෝග ව්‍යායාම වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සම්පත් ලබා ගනු ලැබේ.
අදියර වශයෙන් පැවැත්වෙන මෙම ව්‍යායාම වැඩසටහන් මාලාව සඳහා දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය අධීක්ෂක වෛද්‍ය රමේෂ් මොහොමඩ් වෛද්‍ය විසින් සම්පත් සපයන ලදී.
මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ ප්‍රාදේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී අසංකා අභයගුණවර්ධන මහත්මිය විසිනි.
සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශිනි, පරිපාලන නිලධාරී යමිණී රත්නායක සහ කාර්ය මණ්ඩල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.























