දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කරන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (01) උදෑසන සබරගමුව පළාත් ආණ්ඩුකාර, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි, චම්පා ජානකී මහත්මිය සහ පරිසර අමාත්‍ය, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි, ගරු ධම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.
පෙර කමිටුවට ඉදිරිපත් කරන ලද ලිපි සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් සමාලෝචනය කරන ලදී.
ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති 21 ක් සඳහා රුපියල් මිලියන 368 කට ආසන්න මුදලක් අනුමත කර ඇති බවත්, දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයට අදාළ ව්‍යාපෘති දෙකක් සඳහා රුපියල් මිලියන 84.84 කට අනුමත කර ඇති බවත්, 2026 වර්ෂය සඳහා ව්‍යාපෘති 91 ක් යෝජනා කර ඇති බවත්, සංචාරක අංශයේ ප්‍රවර්ධනය සඳහා වෙනම කමිටුවක් ස්ථාපිත කර ඇති බවත් ප්‍රකාශ විය.
මාලිබොඩ සහ උඩමාලිබොඩ ප්‍රදේශවල SDB බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද කිතුල් නිෂ්පාදන වැඩසටහන පිළිබඳව ද මෙහිදී පැහැදිලි කරන ලදී.
විශේෂයෙන්, ආණ්ඩුකාරවරයාගේ කෑගල්ල දිස්ත්‍රික් මහජන රැස්වීම සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන අතර, මෙතැන් සිට සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශ පහේ ලේකම්වරුන් ද එදිනට සහභාගී වනු ඇත.
මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය, පළාත් සභාවේ ප්‍රධාන ලේකම්, ප්‍රධාන ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, කෑගල්ල දිස්ත්‍රික් නියෝජිත ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පිරිසක් සහභාගී වූහ.
































