කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාන්තා සංවර්ධන නිලධාරීන්ගේ සහ කාන්තා සභාවේ සහයෝගය ඇතිව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාන්තා සංවර්ධන නිලධාරී මනෝරි දෙහිමඩුව මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
කෑගල්ල නගරාධිපති ආර්.ජී.එන්. කරුණාරත්න මහතා, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මිය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ මහත්මිය සහ තවත් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.