සමථ කිරීමේ දක්‍ෂතා හා උපක්‍රම පිළිබඳ සයදින පුහුණු වැඩමුළුවක් අද පෙරවරුවේදී (18)අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහත්මාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරණි.

අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට ඉඩම් ආරවුල් සඳහා වූ විශේෂ සමථ මූල මණ්ඩලයක් පිහිටුවීමට නියමිතය.

ඒ සඳහා 56 දෙනෙකුගෙන් යුත් පිරිසක් තෝරාගෙන ඇත.
මෙම පුහුණු වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙනු ලබන්නේ කෑගල්ල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී ටී. ඒ. එන්.යු.පද්මකුමාරි මහත්මිය, බදුල්ල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී චින්තන හේරත් මහත්මා ,කුරුණෑගල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී නලීකා වීරසිංහ මහත්මිය විසිනි.
මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී ටී. ඒ.එන්.යූ පද්මකුමාරි මහත්මිය හා සංවර්ධන නිලධාරි (සමථ) සෞම්‍යා බාලසූරිය මහත්මිය විසින් සංවිධානය කර තිබුණි