නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ - 2024 පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් අද (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සබරගමුව පළාත් සභාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුහුණු ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ප්‍රධාන ගණකාධිකාරී එච්. ඒ. ඩී. හෙට්ටිආරච්චි මහතා විසින් ලබා දෙන ලදී.
අභ්‍යන්තර විගණන අංශයට අයත් නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් විෂය නිලධාරීන් සහ නිෂ්පාදන විෂයට අයත් විෂය නිලධාරීන් සඳහා වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරී එස්. එම්. ජයසිංහ මහත්මිය, ප්‍රධාන අභ්‍යන්තර විගණක තුෂාරි ජයවර්ධන මහත්මිය සහ කණ්ඩායමක් එක්ව සිටියහ.