දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා යෝග අභ්‍යාස සහ වේශ නිරූපණ වැඩමුළුවක් අද (17) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රමාභිමානි කවයේ ඉල්ලීම පරිදි මෙම වැඩසටහන පැවැත්විණි.
දේශීය වෛද්‍ය සංවර්ධන නිලධාරී අසංකා අබේගුණවර්ධන මහත්මිය සහ ශ්‍රමාභිමානි කවයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය අධීක්ෂණ නිලධාරී එම්.ඊ.එම්. රමීස්, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.ඩබ්ලිව්.එන්.එස්. වික්‍රමනායක, ආයුර්වේද වෛද්‍ය නිලධාරී වී.ජී.එස්. සෝමරත්න යන මහත්වරුන්ගේ සම්පත් මගින් වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (රජයේ) කුසුම් බණ්ඩාර මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මිය, පරිපාලන නිලධාරීන් සහ යමිණී රත්නායක මහත්මිය සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.