කෑගල්ල දිස්ත්‍රික්කයේ අවි කර්මාන්තකරුවන් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ, දිස්ත්‍රික්කය පුරා අවි කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳ දැනුවත් කිරීමක් අද (18) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 
ඒ අනුව අද දින වැඩසටහනේදී අත්කම් භාණ්ඩ නිෂ්පාදන දෙපාර්තමේන්තුවට අදාළ අපනයන ක්‍රියාවලිය, අපනයන වෙළඳපොළ අවස්ථා, අපනයනයට සුදුසු නව නිර්මාණ අත්කම් නිෂ්පාදන, අපනයනයේදී ලබා ගත යුතු සහතික, අත්කම් භාණ්ඩ අපනයනය ආදිය පිළිබඳව දැනුවත් කරන ලදී.
 
මේ සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මධ්‍යම පළාත් කාර්යාලයේ අපනයන ප්‍රවර්ධන නිලධාරී සංජීවනී පවුලු ආරච්චි මහත්මිය විසින් ලබා දෙන ලද අතර එහිදී ඇය අපනයන ක්‍රියාවලිය පිළිබඳ කරුණු පැහැදිලි කළාය.
 
වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් අපනයන සංවර්ධන නිලධාරී කෞෂල්‍යා ජයවර්ධන මහත්මිය විසිනි.
 
සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපනයන සංවර්ධන නිලධාරීන්, අවි කර්මාන්තකරුවන් සහ තවත් අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
.