කෑගල්ල දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය අධීක්ෂණ නිලධාරී එම්. රමේෂ් මහතාගේ සම්පත් දායකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා රූපලාවන්‍ය වැඩසටහනක් අද (09) පැවැත්විණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රමාභිමානි කවයෙන් ඉල්ලා සිටි පරිදි, ප්‍රාදේශීය වෛද්‍ය ඒකකයේ සංවර්ධන නිලධාරී අසංකා ගුණවර්ධන මහත්මියගේ මැදිහත්වීම මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මේ සඳහා ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර සෙසු නිලධාරීන්ගේ සහාය ඇතිව වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.