හිරු දෙවියන්ට තුති පිදෙනා තෙපොංගල් දින සැමරුමක් අද (26) දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රයේදී හින්දු ආගමික ප්‍රථම වතාවට මුල් තැනදීම සිදු වූයේ දිසාපති / දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ සමස්ත කාර්ය මණ්ඩලය සහභාගීත්වයෙනි.
තෙපොංගල් යනු සොබාදහමේ මංගල්‍යය වන අතර සෞභාග්‍යය සහ සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරමින් විවිධත්වය චාරිත්ර වාරිත්ර ඇතුළත් සංස්කෘතිකාංගයකි.
පලමුවෙන්ම කිරි උතුරවා, තෙපොංගල්ත සකස් කිරීමෙන් අනතුරුව ප්‍රධාන අමුත්තන් විසින් පොල්තෙල් පහන් සිළු දල්වා ,කෑගල්ල ශාන්ත මරියා දමිළ විද්‍යාලයේ පිළිගැනීමේ නර්තනයෙන් මෙම අවස්ථාවක් ලැබුණි.අනතුරුව දිදුල පෙර පාසලේ දැරියන්ගේ නර්තනාංගය එක් කර තිබූ අතර දිසාපතිතුමාගේ තෙපොංගල් සැමරුමේ සුභාශිංශනය එක් කල පසුවයි.සහජීවනයෙන් සහ සහයෝගයෙන් නව වසරේ නව දැක්මක් යටතේ කටයුතු කිරීම සඳහා මෙවැනි ආගමික සංහිඳියාවන් සහිත වැඩසටහන් වැදගත්කම ඒ මහතා පෙන්වා දීම. රන්වල මහා විද්‍යාලයේ සප්නා දිව්‍යාංජලී දියණියගේ පුද්ගල නර්තනාංගයක් සහ දිස්ත්‍රික්කය නර්තන කණ්ඩායමේ නර්තනාංගයක්ද, කාර්ය මණ්ඩලයේ සංජීවනී වීරරත්න මහත්මියගේ සුමිරි ගායනායකින්ද මෙම අවස්ථාව හැඩ වැඩ වුණි.
දිස්ත්‍රික්‍රික් කාර්යාලයට, දිස්ත්‍රික්කයට සහ රටට සෙත් පතමින් ලේකම් පනාන ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ භාරතුමා විසින් ආගමික වතාවත් සිදු කරන ලදී.
දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරි ඩිලානි කුමාරි මහත්මියගේ සංවිධානයෙන් වන්නි හෝප් - ඕස්ට්‍රේලියානු ආයතනය ප්‍රධාන අනුග්‍රහකයන්ගෙන් සහ මිලේඛා ජුවලරි, ආර්ති ජුවලරි සහ ලතා ජූවලරි ආයතනවල සහයෝගය ඇතිව මෙම තෙපොංගල් සැමරුම පැවැත්වූ අතර එය අවසන් වූ දමිළ සංස්කෘතියට අයත් තේපොංගල් බත ඇතුළු දමිළ ආහාර රසවිඳීමට අවස්ථාව සලසමිනි.