කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මෙවර යල කන්නයේ වී වගාව සඳහා ඉලක්කගත පොහොර අවශ්‍යතාවය සැපයීම මූලික අරමුණු කර ගනිමින් විශේෂ දිස්ත්‍රික් පොහොර සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අද (27) පස්වරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැතිණි.
ඒ අනුව ගොවීන්ගේ වැඩි ඉල්ලුමක් පවතින යුරියා පොහොර සපයා ගැනීම සහ ඒවා නිසි ක්‍රමවේද හරහා ගොවීන් අතර ලබාදීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා අවශ්‍ය වන පොහොර ගොවි ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් බෙදාදීමේ අවශ්‍යතාවය පවතින බව මෙහිදී මුලසන හොබවෙමින් දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා පැහැදිලි කළේය .
කෑගල්ල දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයට අදාළව ගොවිජන සේවා මධ්‍යස්ථාන 15ම ආවරණය වන පරිදි වී වගා කිරීමට අපේක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 5697.4 කි.ඒ සඳහා යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 544ක්, psp පොහොර මෙට්‍රික් ටොන් 295 ක් සහ mop පොහොර මෙට්‍රික් ටොන් 589ක අවශ්‍යතාවයක් හඳුනාගෙන ඇත. එම පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයට රාජ්‍ය පොහොර සමාගම හා පුද්ගලික පොහොර සමාගම් යුරියා මෙට්‍රික් ටොන් 225 ක් ලබාදීමට මේ වනවිට ඉදිරිපත් වී ඇත. දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හා පෞද්ගලික අලෙවිසල්වල යුරියා මෙට්‍රික්ටොන් 39 ක් පවතින අතර එය දිස්ත්‍රික්කයේ සමස්ත පොහොර අවශ්‍යතාවයෙන් සියයට පනහකි.
පවතින ගෝලීය යුදමය තත්ත්වය හමුවේ මෙරටට පොහොර ආනයනය කිරීම සීමාකාරි තත්වයක් විය හැකි හෙයින් දැනට රට තුළ පවතින පොහොර තොග වී වගාව සඳහා බෙදාදීම මේ වන විට සිදුවන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ය. ඒ යුරියා 50kg මිටියක් රූ.9900/= සහ රු.10200/= අතර මිළකටය. එය විවෘත වෙළදපල තරගකාරි මිළගනන් යටතේ රු.11000ක වැඩි මිළක් ගනු ඇත .ඒ අනුව ඉදිරියේදී යුරියා පොහොර ඇතුළු සියලුම පොහොර මිල ඉහළ යාමට ඇති අවදානම් තත්ත්වය හමුවේ ගොවි ජනතාව වෙත එම පීඩනය සෘජුවම ලබා නොදෙන අයුරින් අවශ්‍ය පොහොර සංචිත පවත්වා ගනිමින් වගා කටයුතු සිදු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මෙහිදී අදහස් දක්වමින් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ ටී.එම්.එස්. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික්කය තුළ පොහොර අලෙවිසල් 56 කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර ඉන් පොහොර වර්ග දිස්ත්‍රික්කයෙන් පිට අවශ්‍යතාවයන් සඳහා විශේෂයෙන්ම යූරියා පොහොර ඇතුළු අනිකුත් පොහොර ලබාදීම නවතාලීම සඳහාත්, අනවශ්‍ය තොග රැස්කිරිම,සැගවීම, පොහොර මිටියේ සදහන් මිළ ඉක්මවා අලෙවිකිරිම යන කටයුතු සෘජුවම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ දැඩි මැදිහත්වීම මත එම තත්ත්වයන් පාලනය කර ගැනීමට කටයුතු කරමින් පවතින බවයි. එමෙන්ම යූරියා පොහොර භාවිතය හැකිතාක් අවම කරමින් තෙවන සහ සිව්වන පරම්පරාවේ නව පොහොර භාවිතා කරමින් විශේෂයෙන්ම පාංශු සුරක්ෂිතතාවයට සහ ඉහළ අස්වැන්නක් ලබා ගැනීම අරමුණු කර ගනිමින් ගොවි සංවිධාන මට්ටමින් සියලු ගොවීන් දැනුවත් කිරීමේ දැඩි අවශ්‍යතාවය මේ වන විට පවතින බවත් ,ඒ සඳහා රාජ්‍ය ආයතන ,පොහොර සමාගම් සහ ගොවි සංගම් ඇතුළු මෙම ක්ෂේත්රයට අදාළ සියලුම දෙනාගේ පූර්ණ කැපවීම මත එම නව පරම්පරාවේ පොහොර භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට ද අවශ්‍ය වන බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම විශේෂ පොහොර සම්බන්ධීකරණ කමිටුවේදී රාජ්‍ය පොහොර සමාගම ඇතුළු පොහොර ලබාදීමට අපේක්ෂිත පුද්ගලික සමාගම් එම ආයතන සතු පොහොර ප්‍රමාණයන් පිළිබඳව සහ ඒවා බෙදා හැරීම් සම්බන්ධවත්, තම සමාගම් සතු යුරියා පොහොර වෙනුවට ආදේශක ගුණාත්මක හා වැඩිදියුණු කළ පරිසර හිතකාමි වැඩි අස්වැන්නක් ලබා දෙන පොහොර පිළිබඳවත්, මෙහිදී අදහස් දැක්වීම ද සිදුවිය.
මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමු කළ තවත් කාරණයක් වූයේ වගාවන් සඳහා යොදා ගනු ලබන ට්‍රැක්ටර් සදහා ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධවයි. දැනට ඒ සඳහා ගොවි සංගම් වෙත ලබා දෙන අවසර පත්‍රය නිකුත් කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකසා ඇති අතර එය තරමක සංකීර්ණ ක්‍රියාවක් වන හෙයින් ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් හෝ ග්‍රාම නිලධාරී මට්ටමෙන් එම ඉන්ධන නිකුත් කිරීමට අදාල අවසර පත් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ගොවි සංගම් නියෝජිතයන් විසින් මෙහිදී අදහසක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය සඳහන් කළාය.
එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ගොවි මහතෙකු සඳහන් කළේ සම්පූර්ණයෙන්ම කාබනික පොහොර භාවිතා කිරීම මගින් අක්කරයකට වී බුසල් හැත්තෑවක් පමණ තමන්ට ලබා ගැනීමට හැකිව පවතින බවත් ,කාබනික පොහොර භාවිතය දිරිගැන්වීම ඉතා යෝග්‍ය වන බවත්ය. එමෙන්ම කාබනික සහ රසායනික පොහොර දෙවර්ගයම භාවිතා කරමින් ඉතා සාර්ථක ලෙස සාමූහික ගොවිපලක් පවත්වාගෙන යනු ලබන රජයේ විශ්‍රාමික ගොවි මහතෙකු ද මෙහිදී අදහස් දැක්වු අතර තමන් යුරියා භාවිතය අවම කරමින් කාබනික වගාව තුළින් වී ලාස් එකකින් වී බුසල් හතළිහක පමණ ඉහළ අස්වැන්නක් ලබා ගැනිමට හැකි වූ බව පැහැදිලි කළේය. ඒ අනුව සම්පූර්ණ කාබනික වගාවන් සිදු කරන හෝ කාබනික හා රසායනික දෙවර්ගයම භාවිතා කරමින් වගා කරන ගොවි මහතුන්ගේ එකතුවකින් සමූපකාර සංගම් පිහිටවා ගනිමින් ඉදිරියේදී ඔවුන්ට එම වගාවන් සඳහා අවශ්‍ය ණය පහසුකම් හා විවිධ තාක්ෂණික උපදෙස් ඇතුළු සේවාවන් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ තුමිය වැඩිදුරටත් පැහැදිලි කළාය.
මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ජාතික පොහොර ලේකම් කාර්යාලය සංවිධානය කර තිබුණි.
ඒ අනුව රට තුළ දැනට පවතින පොහොර ප්‍රමාණය නිසි ක්‍රමවේද ඔස්සේ භාවිතා කරමින් ආහාර සුරක්ෂිතතාවය මෙන්ම පාංශු සුරක්ෂිතතාවයද ඇතිකර ගනිමින් මෙම අර්බුදකාරී අවස්ථාව මැනවින් පාලනය කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.
එම අවස්ථාවට ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් නියෝජ්‍ය අධ්යක්ෂ ඩබ් සරත් සුමනදාස මහතා , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ,රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ,අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු කෘෂි ක්ෂේත්රයට අදාල ආයතන හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්, ගොවි සංවිධාන නිළධාරින් භා නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ























