කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පසුගිය දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. සබරගමුව පළාත් ආණ්ඩුකාරිනී මැඩම් චම්පා ජානකි රාජරත්න, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් (රා.අ) කුසුම් බණ්ඩාර මහත්මිය සහ දේශපාලන බලධාරීන්ගේ සහභාගීත්වයෙන්, කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ පරිසර අමාත්‍ය ඩො. ධම්මික පටබැඳිගේ නායකත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. නිලධාරීන් පිළිගැනීමෙන් අනතුරුව, “Peace Walk” වැඩසටහන තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී. එසේම AA ක්ෂේත්‍ර ආවරණය කරමින් සේවා සපයන ආකාරය පිළිබඳවද අවධානය යොමු කරන ලදී.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබුණු ලිපි සහ “Clean Sri Lanka” වැඩසටහන යටතේ පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකරණ නිලධාරීන් පත් කිරීම පිළිබඳවද සාකච්ඡා විය. ඒ අනුව පළාත් මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ නිලධාරීන් පත් කිරීම, ඒ සඳහා පහසුකම් සැලසීම, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට ඔවුන්ගේ නියෝජිතත්වය ලබාදීම, ප්‍රාදේශීය මට්ටමේ සම්බන්ධීකරණ කමිටු සඳහාද ඒම නිලධාරීන්ට අවස්ථාව ලබාදීම යන කරුණු විශේෂයෙන් අවධානයට ලක්විය.

නිවාස හා ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ජාතික ප්‍රජා ජලසම්පාදන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන RO/NANO යන්ත්‍ර සම්බන්ධ ජල ව්‍යාපෘති වල ස්ථායීතාවය තහවුරු කිරීම සඳහා මහජන වැඩසටහන් සැකසීම, ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ, අක්‍රීය ජල යෝජනා නැවත සක්‍රීය කිරීම සඳහා පොදු ක්‍රමවේද, ජල මූලාශ්‍ර ආරක්ෂාව සහ පවිත්‍රතාවය සම්බන්ධ පොදු ක්‍රමවේද, ව්‍යාපෘති සඳහා ඉඩම් නිකුත් කිරීමේ ඒකාබද්ධ ක්‍රමවේද, නව ජල ව්‍යාපෘති තෝරාගැනීමේ නිර්ණායක, රජයේ හා අරාජක සංවිධාන මගින් ක්‍රියාත්මක වන ජල ව්‍යාපෘති ලියාපදිංචි කිරීම සහ ජල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සම්බන්ධ ක්‍රමවේද පිළිබඳවද සාකච්ඡා විය.

ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය සඳහා තෝරාගත් පාසල් 12 ක ලැයිස්තුව ඉදිරිපත් කරන ලදී. ප්‍රදේශයේ ඇති අනාරක්ෂිත ගස් ඉවත් නොකිරීම, ඩිප්පිටිය–හෙම්මතගම මාර්ගය (මාර්ග සංවර්ධන අධිකාරිය), දෙබස්කාම–කළුගල–දම්පල්ගොඩ මාර්ගය (පළාත් මාර්ග අමාත්‍යාංශය) යන කරුණුද සාකච්ඡා විය. “Official Shade/Service Piyasa” ගොඩනැගිලි ඉදිකිරීම් නවතා ඇති ස්ථාන සම්පූර්ණ කිරීම, අරණායක ප්‍රාදේශීය රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කිරීම, හරිගල ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිකිරීම, අරණායක පොලිස් ස්ථානය සඳහා ඉඩම් නීතිමයව ලබාදීම, උස්සපිටිය ක්‍රීඩාංගණ සංවර්ධනය, ඩිප්පිටිය නගර මධ්‍යස්ථානයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් හා ඉන්ඩෝර් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම, 2025 සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ජනතාව සඳහා කොශින්න රක්ෂිතයේ නිවාස හා කර්මාන්ත කලාපයක් පිහිටුවීම යන කරුණුද අවධානයට ලක්විය.

ගනේතැන්න–උඩම–කඩවර මාර්ගය හරහා කඩුගන්නාවට විකල්ප මාර්ගයක් ඉදිකිරීම, අනවසර ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා පියවර ගැනීම, යටියන්තොට නගරයේ වාහන නවතා තැබීමේ ගැටලුව විසඳීමට SLAB ව්‍යුහයක් භාවිතා කර වාහන නැවතුම් පහසුකම් සකස් කිරීම, නගරය වටා ඇති අනවසර වෙළඳාම් සීමා කිරීම සහ පාලනය කිරීම, කුඩාගම මැනෙල් නෙළුවා ප්‍රදේශයේ කෘෂිකාර්මික ප්‍රවේශ මාර්ග ගැටලු පිළිබඳවද සාකච්ඡා විය.

2026 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක “Community Empowerment” වැඩසටහන යටතේ මාර්ග සංවර්ධනයට රු. මිලියන 1035.31ක්, ග්‍රාමීය පාලම් සංවර්ධනයට රු. මිලියන 250.0ක්, මධ්‍යස්ථ ව්‍යාපෘති සඳහා රු. මිලියන 96.5ක්, වතු ප්‍රදේශ නිවාස සඳහා රු. මිලියන 82.1ක්, යටිතල පහසුකම් සඳහා රු. මිලියන 38.34ක් සහ වෙනත් කටයුතු සඳහා රු. මිලියන 4.6ක් වෙන් කර ඇත. සමස්ත ආයෝජනය රු. මිලියන 1500කට අධික වේ. දිස්ත්‍රික්කයෙන් යෝජිත ව්‍යාපෘති 573 අතරින් 374ක් අමාත්‍යාංශ අනුමැතිය ලබා ඇති අතර, සමස්ත ව්‍යාපෘති 1337ක් අමාත්‍යාංශයට යොමු කර ඇති අතර ඒවා සියල්ලටම අනුමැතිය ලැබී ඇත.

2026.04.17 දිනට පළාත් සභා සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය අනුව, ප්‍රධාන අමාත්‍යාංශය, අධ්‍යාපන, මාර්ග, කෘෂිකර්ම, කර්මාන්ත ආදී අංශවල ව්‍යාපෘති සඳහා රු. මිලියන 768.26ක් වෙන් කර ඇති අතර, අනුමත ව්‍යාපෘති 324 අතරින් 263ක් සම්පූර්ණ කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රු. මිලියන 394.65ක්, මාර්ග අමාත්‍යාංශය යටතේ රු. මිලියන 471.83ක්, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ රු. මිලියන 105.44ක්, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ රු. මිලියන 98.40ක් වෙන් කර ඇත. සමස්ත ව්‍යාපෘති 576 අතරින් 434ක් සම්පූර්ණ කර ඇති අතර, මූල්‍ය ප්‍රගතිය 30%ක් සහ භෞතික ප්‍රගතිය 75%ක් වේ.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත, පළාත් ලේකම්වරුන්, නියෝජ්‍ය පොලිස් අධිකාරීවරුන් සහ දිස්ත්‍රික් රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහභාගී වූහ.