ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුහුණු අංශය එක්ව සංවිධානය කළ රජයේ ඉඩම් මිලියන 10ක් සලකුණු කිරීම හා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රොනික ඉඩම් තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ.ජී.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ විවිධ රාජ්‍ය ආයතන මඟින් පරිපාලනය කරනු ලබන රජයේ ඉඩම්වල මායිම් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වය යටතේ නිවැරදිව සලකුණු කර ඒවා ඉලෙක්ට්‍රොනික ඉඩම් තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම මඟින් රජයේ ඉඩම් කළමනාකරණය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් හා තාක්ෂණිකව දියුණු පද්ධතියක් බවට පත් කිරීමයි.
ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පවතින සියලුම රජයේ ඉඩම්, පෞද්ගලික ඉඩම්, කුඹුරු ඉඩම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර සහ ග්‍රාම නිලධාරී වසම් සීමා ඇතුළු සියලු ඉඩම් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිතියම්ගත කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන දිස්ත්‍රික් අරමුණ වේ.
මෙම තොරතුරු පද්ධතිය මඟින් දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම, පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීම, ඉඩම් මායිම් ආරවුල් නිරාකරණය කිරීම, සංවර්ධන කටයුතු සඳහා තීරණ ගැනීම සහ නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම වඩාත් පහසු වනු ඇත.
එමෙන්ම, එක් ප්‍රදේශයක පවතින සියලුම ඉඩම් පිළිබඳ සම්පූර්ණ තොරතුරු එක් ස්ථානයකින් ලබාගැනීමේ හැකියාව, නිලධාරීන්ගේ රාජකාරි කඩිනම් කිරීම, කාලය හා ශ්‍රමය ඉතිරි කිරීම සහ නවීන තාක්ෂණය භාවිතයෙන් ඉඩම් කළමනාකරණය සිදු කිරීම වැනි ප්රතිලාභ රැසක් මෙම ඉලෙක්ට්‍රොනික ඉඩම් තොරතුරු පද්ධතිය මඟින් හිමිවනු ඇත.
මෙම වැඩසටහන සඳහා කෑගල්ල සහ මූලස්ථාන මිනින්දෝරු කාර්යාල නියෝජිතයින්, රජයේ මිනින්දෝරුවරුන්, මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා සහභාගී වූ නිලධාරීන් ද දායකත්වය ලබා දුන්හ.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන්, කෑගල්ල දිස්ත්‍රික් ඉඩම් අංශ නිලධාරීන්, තොරතුරු තාක්ෂණ නිලධාරීන් සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
.






















