කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පූර්ව ළමා සංවර්ධන ලේකම් කාර්යාලය විසින් "දරුවන්ගේ සරු ලොවකට – හිරු කිරණ සේ ආදරණීය පවුලක්" යන තේමාව යටතේ ජූලි 14 සිට 20 දක්වා ජාතික පූර්ව ළමා රැකවරණ හා සංවර්ධන සතිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ශාරීරික, මනෝසමාජීය සහ බුද්ධිමය වශයෙන් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකීය දරු පරපුරක් බිහිකිරීමයි.
එම ජාතික සතියේ පස්වැනි දිනයට සමගාමීව, තෝරාගත් පවුල් ඒකක සවිබල ගැන්වීම අරමුණු කරගත් "සෙනෙහේ තටාකය" නිවසේ පදනම් වූ පූර්ව ළමා රැකවරණ හා සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජාතික අත්දැකීම් හුවමාරු වැඩසටහන අද (18) කෑගල්ල මහ නගර සභා ශාලාවේදී පැවැත්විණි.
"සෙනෙහේ තටාකය" වැඩසටහන මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන අතර, අද පැවති වැඩසටහනේදී යටියන්තොට, දෙහිඕවිට, දැරණියගල සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තෝරාගත් පවුල් නියෝජිතයින් සිය අත්දැකීම් ඉදිරිපත් කළහ. මෙම අත්දැකීම් හුවමාරු සැසිය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දුමින්ද ගුරුගේ මහතා විසින් මෙහෙයවනු ලැබීය.
මෙම වැඩසටහන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ජාතික පූර්ව ළමා සංවර්ධන ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ, කෑගල්ල දිස්ත්‍රික් පූර්ව ළමා සංවර්ධන නිලධාරිනී සුදාරිකා චන්ද්‍රසිරි මහත්මියගේ සහ දිස්ත්‍රික් පූර්ව ළමා සංවර්ධන නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය නාමල් සුදර්ශන මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගරිකා ගංගනී අතුකෝරල මහත්මිය, කෑගල්ල නියෝජ්‍ය නගරාධිපති, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතා, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ජාතික පූර්ව ළමා සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරූෂිකා ධනසේකර මහත්මිය ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන්, දිස්ත්‍රික් පූර්ව ළමා සංවර්ධන නිලධාරීන්, පෙරපාසල් ගුරුවරුන්, දෙමාපියන් සහ විශාල පිරිසක් සහභාගී වූහ.



























