
රටතුළ පවතින කෝවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය හේතුකොට ගෙන රටට , ජනතාව ආරක්ෂා කර ගනිමින් සෙත් පැතීම සඳහා ගරු අග්‍රාමාත්‍ය , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් පරිදි විශ්ව ආශීර්වාද හෝරාවක් පැවැත්වීමට ගත් තීරණය අනුව රතන සූත්‍රය සහ ජ්වර පිරිත් සජ්ජායනයක් රඹුක්කන කිරිවන්දෙණිය පුරාණ විහාරස්ථානයේ දී පසුගිය 08 වෙනිදා පස්වරුවේ සමාගම් වතු ප්‍රතිසංස්කරණ , තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පිරිත් සජ්ජායනයට සමගාමීව ආශිර්වාද පහන් පූජාවක් ද පැවැත්වීමට මෙහි දී කටයුතු කළ අතර කෝවිඩ් -19 වැලැක්වීමේ රජයේ හා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇති උපදෙස් වලට අනුව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මේ අවස්ථාවස සඳහා රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සභාපති අතුල හඳගම, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, රඹුක්කන ප්‍රා දේශීය ලේකම් ඉන්දික ලියනගේ යන මහත්ම මහත්මීන් සහ දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

















