කොවිඩ්- 19 මර්ධන මෙහෙයුම් කමිටුව zoom සමඟ

 

183160020 1475626339445591 4551671245224438702 n

 

වත්මන් කොවිඩ් - 19 වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාව වෙත අත්‍යාවශ්‍ය සේවාවන් හා ආරක්ෂාව සැලසීම පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා මාර්ගගත (online) සාකච්ඡාවක් අද පෙරවරුවේදී දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ මුලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදි සංවරණ සිමාවන් පැනවීමත් සමග ගමනාගමනය සමිබන්ධයෙන් පැන නගින ගැටළු, සෞඛ්‍ය අංශයන්හි කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයිම පිළිබඳව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ අවධානය යොමු විය.
බස්නාහිර පළාතේ සිට කෑගල්ල දිස්ත්‍රික්කයට ඇතුළුවන පුද්ගලයන්ගෙන් අහඹු ලෙස රුපිට් ඇන්ටිජන් පරික්ෂණ කිරිමේ අවශ්‍යතාවය මේ අවස්ථාව සඳහා සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ අවධානයට යොමු විය.
රෝගීන් ප්‍රතීකාර මධ්‍යාස්ථාන වෙත යොමු කිරිමේදි මතුවන ගැටළු, කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් අතර ඒ සඳහා සබරගමු පළාත් සභාව සතු වාහන ලබා දීමට අවශ්‍ය කටයුතු කරනට බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය සදහන් කළාය.
මේ අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ, ප්‍රදේශීය සභා සභාපතිවරුන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර , කෑගල්ල දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ . ඒ . වීරකෝන් ,කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු සියළුම ප්‍රදේශීය ලේකම්වරුන්, කෑගල්ල දිස්ත්‍රික් කෝවිඩ් නිවාරණ කමිටුවේ සම්බන්ධීකාර බ්‍රේගේඩියර් එල්.ඒ.ජේ.එල්.බී උඩෝවිට මහතා ඇතුළු ආරක්ෂක අංශ වල සාමාජිකයින් හා රාජ්‍ය ආයතන වල නිලධාරීන් පිරිසක් zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.

 

 

 

185118213 1475626369445588 8069288853270653864 n