ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්දීය ආර්ථිකයක් බිහි කිරිම සදහා සමෘද්ධි, ගෘහ ආර්ථික , ශ්‍රද්‍ර මුල්‍ය , ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන " සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන " වැඩ සටහනේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන මොලගොඩ මැටි නිෂ්පාදන ගම්මානයේදී සමාගම් වතු ප්‍රතිසංස්කරණ , තේ වතු ආශ්රිත බෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් , කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතාගේ සහභාගීත්වයෙන් අද (01) පෙරවරුවේදී පැවැත්විණි.
මෙහිදි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කලේ මධ්‍යම රජය මගින් දේශිය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරිම සදහා විශාල වැඩ කොටසක් මේ වන විට සිදු කරමින් පවතින බවයි. සමෘද්ධි අමාත්‍යංශය පමණක් නොව අනෙකුත් සෑම අමාත්‍යාංශයකින්ම දේශිය නිෂ්පාදන, කෘෂි කර්මාන්ත හා කර්මාන්ත නගා සිටුවීම සදහා කටයුතු කරන බවය.
ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිම හරහා ප්‍රාදේශිය හා ජාතික සංවර්ධනයට දායක කර ගැනීමේ අරමුනින් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩ සටහන හදුන්වා දී තිබෙන බව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා මෙහිදී සඳහන් කලේය.
මෙම අවස්ථාවේදී මැටි කර්මාන්ත කරුවන්ට අවශ්‍ය කරන විදුලි සකපෝරු හා අනෙකුත් උපකරණ සඳහා මුල්‍ය දායකත්වය ලබා දීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනිෂා එස් රත්නායක , රඹුක්කන ප්‍රාදේශිය ලේකම් ඉන්දික ලියනගේ, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ්. ඒ වීරකෝන් යන මහත්ම මහත්මීන්ද , නියෝජ්‍ය සැලසුම් අධ්යක්ෂ වරුන් ඇතුළු කර්මාන්ත කරුවන් පිරිසක් සහභාගී වී සිටියහ.























