කොවිඩ් වසංගතය හමුවේ වුව ද අඛණ්ඩව තම රාජකාරී කටයුතු පවත්වාගෙන යන රාජ්‍ය සේවකයින් සඳහා ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් අද (06) දින පෙරවරුවේ කෑගල්ල නගර ශාලාවේ දී කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් පිරිදි ක්‍රියාත්මක විය.


ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරීන් 350 දෙනෙකු සඳහා සයිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව මෙහි දී ලබා දුන් අතර තවත් රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් සඳහා එන්නත් ලබා දීම ද මීට සමඟාමීව සිදු කෙරිණි.


මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක යන මහත්මීන් හා කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.

vaccine1

vaccine2

vaccine3

vaccine4