මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශිය ලේකම් ලෙස ශ්‍රි ලංකා පරිපාලන සේවයේ 11 ශ්‍රේණියේ නිලධාරිනියක වන වී.ඕ.එල්.එස් රත්නසේකර මහත්මිය අද (08) දින වැඩභාර ගත්තාය.


2009/03/02 ශ්‍රි ලංකා පරිපාලන සේවයට එක්වූ ඇය වසර තුනක් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක ලෙස හා වසර දෙකක් පරිවාස හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස හා සමාජ සේවා කොමසාරිස් ධූරය ද, වසර 05 ක් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්යක්ෂවරිය ලෙස ද , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම් වරියක ලෙස වසරකට ආසන්න කාලයක් සේවය කර තිබේ.
වී.ඕ.එල්.එස් රත්නසේකර මහත්මිය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය ද , ශ්‍රි ලංකා රසායන විද්‍යා ආයතනයේ විද්‍යාවේදී ( රසායන විද්‍යාව) උපාධිය ද ලබා ගෙන තිබේ.


මෙම අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් , ගලිගමුව ප්‍රාදේශිය ලේකම් සුසන්ත හේරත් යන මහත්ම මහත්මීන් හා මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.