×

පණිවුඩය

Invalid Page Request

කෑගල්ල දිස්ත්‍රික්කයේ ශාසනාක්ෂක බල මණ්ඩල 17 හි සභාපති ස්වාමීන් වහන්සේලා හා ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේලා 34 දෙනෙක් අතරින් කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය වෙනුවෙන් අභිනවයෙන් නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම අද දින (27) දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක, දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීසූරිය මැතිතුමා මුලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඒ අනුව ගරු සභාපති ලෙස පහත බුලත්ගම කෝරළ තුන ඇතුළු සතර කෝරළ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රම ලත් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෑවලදෙණිය සිරි මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති පුජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ , ගරු ලේඛකාධිකාරී - සතර කෝරළ මහදිසාවේ උප ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති පුජ්‍ය දුනුකේවත්තේ සිලවිමල නායක ස්වාමින් වහන්සේ , ගරු නියෝජ්‍ය සභාපති- අරනායක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති පුජ්‍ය වරාපිටියේ රතනසාර ස්වාමින් වහන්සේ, ගරු නියෝජ්‍ය ලේඛකාධිකාරී-මාවනැල්ල නැගෙනහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පුජ්‍ය මෙඩේරිගම සංඝරතන ස්වාමින් මහන්සේ තේරි පත් වුහ.

ගරු උප ලේඛකාධිකාරි(දහම් පාසල්)- අණායක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පුජ්‍ය කිරපනේ සෝමාලෝක ස්වාමින් වහන්සේ, ගරු උප ලේඛකාධිකාරි(ආගමික)- මාවනැල්ල බටහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පුජ්‍ය වෙලගම මහින්ද ස්වාමීන් වහන්සේ ,ගරු උප ලේඛකාධිකාරි( සංස්කෘතික හා සමාජසේවා)- ගලිගමුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පුජ්‍ය නෙළුංදෙණියේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ,ගරු උප ලේඛකාධිකාරි ( ශාසනාරක්ෂක බල මණ්ඩලය)-දැදිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරි පුජ්‍ය උඩපැල්පිට ඉන්දරතන ස්වාමින් වහන්සේ හා ගරු උප ලේඛකාධිකාරි (මුල්‍ය)- කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරි ‌ජේ. ඒ. ඒ. සි. නිල්මල්ගොඩ මහත්මිය තේරි පත්වුහ.

ශ්‍රි ලංකාවේ බුද්ධ ශාසනයේ උන්නතිය, චිරස්ථිතිය හා ආරක්ෂාව උදෙසා ක්‍රියා කීරිම ශාසනාරක්ෂක මණ්ඩලයේ පරමාර්ථය වේ.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩල කටයුතු අධික්ෂණය හා සම්බන්ධිකරණය , දිස්ත්‍රික්කයේ බෞද්ධයන් පන්සිල් සුරකින චරිතවත් පිරිසක් බවට පත්කිරිම, පන්සල හා ගම අතර සම්බන්ධතාවය වර්ධනය කිරිම තුළින් ගිහි පැවිදි සම්බන්ධතාවය තහවුරු කිරිම, ප්‍රායෝගික ජිවිතයට අදාළ වන පරිදි බෞද්ධ ජනතාවගේ දහම් දැනුම වර්ධනය කිරිම, දහම් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරිම, බෞද්ධ අයිතිවාසිකම් හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරිම, දිස්ත්‍රික්කය තුළ අපරාධ වැලැක්වීමට ක්‍රියා කිරිම යන අරමුණු සඵල කර ගැනීම දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ පරමාර්ථයයි.

මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක මහත්මින් පොලිස් අධිකාරිතුමන්, ප්‍රාදේශිය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි බෞද්ධ කටයුතු සමායෝජකවරුන් ඇතුළු පීසක් සහභාගී වුහ.