කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයින් සඳහා වන එන්නතකරණ වැඩසටනේ දෙවන මාත්‍රාව ලබා දීම අද (10) දින පෙරවරුවේ තැපැල් ශ්‍රවනාගාරයේ දී ආරම්භ කෙරිණි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් 350 කට පමණ සයිනොෆාම් දෙවන එන්නත ලබා දිම සිදු කෙරිණි. අද සිට එළඹෙන 14 වන දින දක්වා කෑගල්ල දිස්ත්‍රික්කයේ පලමු එන්නත ලබා ගත් රාජ්‍ය නිලධාරීන් සඳහා එහි දෙවන මාත්‍රාව ලබා දිමට කටයුතු සැලසුම් කර ඇති අතර එම වැඩසටහන කෑගල්ල නගර සභා ශාලාවේ දි පැවැත්වීමට නියමිත ය.
මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය හා කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.






















