සෞභාගයේ දැක්ම රාජ්‍ය පුතිපත්තියට අනුකූල වෙමින්, නිරෝගී හා ඵලදායී පුරවැසියෙක් බිහි කිරිම වෙනුවෙන් සබරගමුව පළාත තුළ කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරිමේ ක්‍රියාන්විතය “සජීව්යා” කාබනික පොහොර නිෂ්පාදන විප්ලවයේ පළමු පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (17) දින ZOOM තාක්ෂණය ඹස්සේ සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දීමේ අරමුණ ඇතුව ක්‍රියාත්මක “සජීව්යාʺ කාබනික පොහොර විප්ලවය සය වැදෑරුම් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකය.
පරිසර හිතකාමී ගොවිතැන සඳහා පළාතට අවශ්‍ය කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය, අධීක්ෂණය හා නියාමන කටයුතු කිරිම පරිසර හිතකාමී ගොවිතැන පිළිබඳව හා, ඒ හා බැඳුණු කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳව ගොවිජනතාව දැනුවත් කිරිම සහ පුහුණුු කිරිම, පරිසර හිතකාමී පළිබෝධ නාශක ක්‍රම පිළිබඳව ගොවිජනතාව හා ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරිම හා පුහුණු කිරිම,සියලුම ආකාරයේ අස්වනු හානි අවම කිරිම සඳහා වන ක්‍රමවේද පිළිබඳව ගොවීන්, අලෙවිකරුවන්, ව්‍යාපාරික ප්‍රජාව හා පාරිභෝගිකයින් දැනුවත් කිරිම. පරිසර හිතකාමී ගොවිතැනේ සැබෑ ඵල නෙලා ගැනීමට කැමති ව්‍යවසායකයින් වෙනුවෙන් සහතිකකරණය හා අලෙවිකරණ අවශ්‍යතා හදුන්වා දීම හා පහසුකම් සැලසීම,
කෘෂිකාර්මික අංශය හා බැඳුනු සියලු ආයතන ඒකාබද්ධ කර ගනිමින් තිරසාර ඒකාබද්ධ වැඩසටහන් සංවිධානය හා ක්‍රියාත්මක කිරිම. එම සය වැදෑරුම් වැඩ පිළිවෙලට අයත් වේ.
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙහිම සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව ගොවින් දැනුවත් කිරිම හා පුහුණු කිරිමේ වැඩ සටහන් ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් වරුන් පැවසීය. දියර පොහොර නිෂ්පාදනය මෙන්ම පොහොර වල ප්‍රමිතිය පිළිබඳවද මෙහිදි අවධානය යොමු විය.
පළාත් පාලන ආයතනයන්හි නිෂ්පාදනය වන කොම්පෝස්ට් , කාබනික පොහොර බවට පත් කිරිම සඳහා අවශ්‍ය සම්පත් හා පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවටද මෙහිදි සාකච්ඡා විය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කිබනික පොහොර නිෂ්පාදන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන බවත් , දැනට වසා දමා ඇති පාසල් කිහිපයක් හදුනාගෙන ඇති බවත් ඒවා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය මත මෙම කටයුතු සදහා යොදා හැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහිදි පැවසිය.
මෙම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ, සමාගම් වතු ප්‍රතිසංස්කරණ,තේ හා රබර් ආශ්රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවිකරණ හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි,රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මින් හා ආණ්ඩුකාර ලේකම්තුමන්, සබරගමුව පළාත් කෘෂි කර්ම අමාත්‍යාංශයේ ලේකම්, පළාත් පාලන කොමසාරිස්තුමන්,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන්, සමෟද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් අධ්යක්ෂවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.


















