කෑගල්ල දිස්ත්‍රික්කයේ ජිවනෝපාය අහිමි අඩු ආදායම්ලාභි පවුල් 63500 කට රුපියල් 2000 දිමනාව ලබාදිමට රජය මගින් රුපියල් මිලියන 127 ක් වෙන්කර තිබෙන බව කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විරසුරිය මහතා සඳහන් කරයි.

දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ ඊයේ (25 ) දින zoom තාක්ෂණය ඔස්සේ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාඟේ සහභාගිත්වයෙන් පැවති කෑගල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුවට සහභාගි වෙමිනි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරුන්ඟේ අධික්ෂණය යටතේ ග්‍රාමිය කමිටු සම්බන්ධිකරණයෙන් මෙම කාර්යය සිදුකෙරෙන බව දිසාපතිවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.