කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 හිම වයස අවුරුදු 60 වැඩි මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයින් 12000 ක පමණ ප්‍රමාණයක් හදුනාගෙන ඇති බව කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පැවසීය .

දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ ඊයේ (25 ) දින zoom තාක්ෂණය ඔස්සේ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහභාගිත්වයෙන් පැවති කෑගල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුවට සහභාගි වෙමිනි.

මෙහිදි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දෙමින් පවසා සිටියේ ඉදිරි දින කිහිපය ඇතුලත එම පුද්ගලයින් සියළු දෙනා හට එන්නත් ලබා දිම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසය.