කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පින්නවල අලි අනාථාගාරය යනු දෙස් විදෙස් සංචාරකයන් අතර අතිශය ආකර්ශණයට ලක් වූ සංචාරක කේන්ද්‍රස්ථානයකි .

එහි ඊයේ දින (31) ඉතිහාසගත නිවුන් අලි පැටව් දෙදෙනකුගේ උපත සිදුවිය .පින්නවල අලි සෙවනෙහි සිටින සුරංගි නම් වූ කෙනෙර විසින් මෙම නිවුන් අලි උපත සිදු කර තිබෙන අතර නිවුන් අලි පැටව් දෙදෙනාම පිරිමි පැටවුන් වේ. පළමු පැටවා අලුයම 4ට පමණ ද දෙවන පැටවා උදෑසන 10 ට පමණ ද මෙලොව එළිය දැක තිබේ.

මෙය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම අර්ධ ගෘහස්ථ නිවුන් අලි උපත ලෙස ද ඉතිහාස ගත වේ.