රටේ පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය යටතේ දැඩි සංවරණ සිමාවන් පවතින අවස්ථාවන්හිදි සහල් , සිනි වැනි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සගවා තබා ගන්නා වෙළෙදසැල් පරික්ෂා කිරිම සම්බන්ධයෙන් කටයුතු කිරිම පිළිබඳව සාකච්ඡාවක් අද(6) පෙරවරුවේදී දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් සමඟ පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි වෙළදසැල් වැටලිම් කටයුතු ඉදිරියේදි කිරිමට නියමිතය.
රජයෙන් නියම කර ඇති මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරිම් කටයුතු සිදු කල යුතු අතර එම නිති රිති කඩ කරන්නන් හට නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිතය.
පාරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිමේ කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති අතර ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් හට දිසාපතිතුමන්ගෙන් උපදෙස් ලැබිණි. එමෙන්ම මහජනතාවද තමන් මිලදි ගන්නා භාණ්ඩ පිළිබදව නිරන්තර අවධානයෙන් සිටිය යුතු බවද පෙන්වා දුන්නේය.
මෙම වැටලිම් කටයුතු කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇත.
මෙම කටයුතු සදහා අවශ්‍ය සහය ලබා ගැනීමට දිස්ත්‍රික්යේ සැම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින්ම උපාධිධාරින් පස්දෙනෙක් හෝ යහදෙනෙක් දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සමග සම්බන්ධිකරණය කිරිමට දිස්ත්‍රික් ලේකම්තුමන් කටයුතු යොදා ඇත.
මෙම සාකච්ඡාවක් සදහා කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහකාර අධ්යක්ෂ සි. එමි. ජේ. ගුණවර්ධන, කාර්යභාර නිලධාරී තුෂාර රෑනපාන යන මහත්වරුන් ඇතුළු කෑගල්ල පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරින් පිරිසක් සහභාගී වුහ.




















