×

පණිවුඩය

Invalid Page Request

මේ වන විටත් කෑගල්ල දිස්ත්‍රිත්තයේ කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් නිරෝධායනය වන අඩු ආදායම්ලාභි පවුල් සඳහා සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පවසයි.

කෑගල්ල දිස්ත්‍රිත්තයේ මේ වන විට අඩු ආදායම්ලාභි පවුල් 28 194 ක් සදහා රු 10,000/- බැගින් වටිනා බඩු මල්ලක් සදහා රුපියල් මිලියන 281.94 මුදලක් ගෙවිම් කර ඇත.

ඒ අනුව කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 3353 ක්, අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ1092 ක්, ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 3082 ක්, මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 3331 ක් , රඹුක්කන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 2807 ක්, වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 4164 ක්,දෙහිඹ්විට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 3002 ක් ,රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 2427 ක්, බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 1577 ක්, දැරණියගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ1064 ක්, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 2295 ක් ලෙසින්ය.

කොවිඩ් 19 ආසාධිත අඩු ආදායම්ලාභි පවුල් 2855 ක් සදහා 2021.09.01 වන දින වන විට රුපියල් 10,000 /- හි එක් කොටසක් ලෙස රුපියල් 5, 000 /- ක බඩු මල්ලක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 14.275 ක මුදලක් ගෙවිම් කර ඇත.

ඒ අනුව කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 10 ක්, අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ1378 ක්, මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 186 ක් , වරකාපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 237 ක්,දෙහිඹ්විට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 85 ක් ,රුවන්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 251 ක්, බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 125 ක්, දැරණියගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 520 ක්, යටියන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 63 ක් ලෙසින්ය.

ප්‍රමාදයකින් තොරව ප්‍රතිපාදන ලද විගස කොවිඩ් 19 ආසාධිත අඩු ආදායම්ලාභි පවුල්සදහා ඉදිරියටත් ගෙවිම් කටයුතු සිදු කිරිමට නියමිත බවත් මෙම බඩු මල්ල ලබා දිමේදි ඉතා කැපවීමෙන් කටයුතු කරන සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු ග්‍රාමීය කමිටු සාමාජිකයින් දක්වන කැප කිරිම හා සේවය අගය කරන බව දිසාපතිවරයා වැඩි දුරටත් පැවසීය.