කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ පිරිසට කොවිඩ් 19- ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදිම අද (08 ) පෙරවරුවේ ආරම්භ කෙරුණු බව කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් . වීරසුරිය මහතා සඳහන් කරයි.

ඒ අනුව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨා සයේ කෑගල්ල නගර ශාලාව ,කෑගල්ල මහජන ක්‍රිඩාංගණය ,හෙට්ටිමුල්ල බණ්ඩාරණායක ප්‍රාථමික විද්‍යාලය ,හෙට්ටිමුල්ල නව කනිෂ්ඨ විද්‍යාලය ,මාබෝපිටිය මහා විද්‍යාලය ,හුංගම්පල මහා විද්‍යාලය සහ පුවක්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ දි එන්නත්කරණය කිරිම ආරම්භ කෙරුණු අතර හෙට (09) දිනත් එන්නත්කරණ කටයුතු සිදුකෙරේ.

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අද (08) දින එන්නත්කරණය සුජාතා විද්‍යාලය ,කොටවැල්ල විද්‍යාලය සහ උඩගලදෙණිය විද්‍යාලවල දි ආරම්භ කෙරුණු අතර හෙට (09) දින මොලගොඩ ප්‍රාථමික විද්‍යාලය ,කඩිගමුව විද්‍යාලය , සහ හිරිවඩුන්න විද්‍යාලයද , (10) දින ඉඔුල්ගස්දෙණිය මොරගොල්ල ප්‍රජා ශාලාව ,වළල්ගොඩ විද්‍යාලයද ,(11) දින රඔුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදි සිදුකෙරේ.

අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල නියුතු පුද්ගලයින් සදහා අද (08) සහ හෙට (09) අදාළ සෞඛ්‍ය නිලධාරී කාර්යාලවල දි එන්නත්කරණ කටයුතු සිදුකෙරේ.