පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්රියාත්මක ළමා සභා සංකල්පයට අනුගත වෙමින් ක්රියාත්මක වන කෑගල්ල දිස්ත්රික් ළමා සභාව මගින්“මනා පෞරුෂයකින් යුත් දරුවෙක් සඳහා පවුලේ දායකත්වය ”සංවාදාත්මක දැනුවත් කිරිමේ වැඩසටහනක් zoom ඔස්සේ අද (14 ) පස්වරුවේ දි පැවැත්විණි.
මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්රික් ලේකම්/දිසාපති මහින්ද එස් විරසුරිය මහතාඟේ උපදෙස් හා මඟ පෙන්විම යටතේ දිස්ත්රික් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරිණි.
“සුභ සිහින ජය ගැනීමේ මග ” තුන් වන වැඩ සටහන වරකාපොල ප්රාදේශිය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරී නයනා ප්රියදර්ශනී මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණි.මෙම වැඩ සටහනේ අරමුණ මනා පෞරුෂයකින් යුත් දරුවෙක් පවුලක් තුළ බිහි කර ගැනීමයි.
මෙම වැඩ සටහන ඇගයිමට ලක් කරමින් වරකාපොල ප්රාදේශිය ලේකම් රංගන සජිව මහතා පවසා සිටියේ මෙවැනි දැනුවත් කිරිම් තුළින් සුරක්ෂිත දරුවන් ලොවට දායාද කිරිම සදහා දෙමාපියන්ට වඩා හොද මග පෙන්වීමක් ලැබෙන බවය.
.
කෑගල්ල දිස්ත්රික් ළමා සභාවේ දරුවන්ගේ දැඩි උනන්දුව හා කැප කිරිමත්, සහභාගීත්වයත් මත දිස්ත්රික් ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරී රූපා කිරගල මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම වැඩ සටහන පැවැත්විණි.
කෑගල්ල දිස්ත්රික් ළමා සභාව මගින් දරුවන් හා වැඩිහිටියන් දැනුවත් කිරිමේ වැඩ සටහන් මාලාවේ තවත් පියවක් ලෙස 2021 සැප්තැම්බර් මස 16 වන දින යටියන්තොට ප්රාදේශිය ළමා සභාවේ සම්පත් දායකත්වයෙන් “කඩදාසියෙන් ලස්සන නිර්මාණයක්” වැඩ සටහන පැවැත්වීමට නියමිතය.




















