"සෞභාග්‍යයේ දැක්ම " රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූල වෙමින්, නිරෝගි හා ඵලදායි පුරවැසියෙක් බිහි කිරිම වෙනුවෙන් සබරගමු පළාත තුළ කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරිමේ ක්‍රියාන්විතය “සජීව්‍යා කාබනික පොහොර නිෂ්පාදන විප්ලවයේ සබරගමු පළාත් කෑගල්ල දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු රැස්විම අද (16 ) දින zoom ඔස්සේ සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාඟේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාඟේ සංවිධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදි සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා සදහන් කළේ කාබනික පොහොර භාවිතයට ගොවීන් උනන්දු කිරිම තුලින් ගොවින් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු කිරිමට හැකිවන බවයි.

කෑගල්ල දිස්ත්‍රික් කාබනික පොහොර දිනය ලෙස සැප්තැම්බර් මස 23 දිනය සඳහන් කරන බව ආණ්ඩුකාරතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙහිදි සඳහන් කළේ මෙම කන්නය සඳහා දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාවය මෙට්‍ර්ක් ටොන් 4279 ක අවශ්‍යතාවයෙන් 52% ක් සපුරා ගැනිමට හැකි බවත් ඉතිරි ප්‍රමාණය අනෙතුත් ආයතන වල නිෂ්පාදනයෙන් ලබා ගැනිමට හැකිවන බවයි.

මෙහිදි සබරගමු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමන් සඳහන් කළේ
වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දිමේ අරමුණ ඇතුව ක්‍රියාත්මක සජිව්‍ය“කාබනික පොහොර විප්ලවය සය වැදෑරුම් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකය වන බව ය.

පරිසර හිතකාමි ගොවිතැන සඳහා පළාතට අවශ්‍ය කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය කටයුතු සම්බන්ධිකරණය, අධික්ෂණය හා නියාමන කටයුතු කිරිම, පරිසර හිතකාමි ගොවිතැන පිළිබඳව හා ඒ හා බැදුණු කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරිම සහ පුහුණු කිරිම ,පරිසර හිතකාමි පළිබෝධ නාශක ක්‍රම පිළිබඳව ගොවි ජනතාව හා කේෂත්‍ර නිලධාරින් දැනුවත් කිරිම හා පුහුණු කිරිම, සියලුම ආකාරයේ අස්වනු හානි අවම කිරිම සඳහා වන ක්‍රමවේද පිළිබඳව ගොවින්, අලෙවිකරුවන්, ව්‍යාපාරික ප්‍රජාව හා පාරිභෝගිකයින් හා දැනුවත් කිරිම,පරිසර හිතකාමි ගොවිතැනේ සැබෑ ඵල නෙලා ගැනිමට කැමති ව්‍යාවසායකයින් වෙනුවෙන් සහතිකකරණය හා අලෙවිකරණ අවශ්‍යතා හඳුන්වා දිම හා පහසුකම් සැලසිම, කෘෂිකාර්මික අංශ හා බැඳුණු සියලු ආයතන ඒකාබද්ධ කර ගනිමින් තිරසාර ඒකාබද්ධ වැඩසටහන් සංවිධානය හා ක්‍රියාත්මක කිරිම, එම සය වැදෑරුම් වැඩපිළිවෙලට අයත් වේ.

මෙම අවස්ථාවට විඩියේ තාක්ෂණය ඔස්සේ, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනි ජයකොඩි,ආණ්ඩුකාර ලේකම් ප්‍රභාත් උදාකර, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක යන මහත්ම මහත්මීන් ද,කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන් ,පළාත් පාලන කොමසාරිස්තුමන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන්, සමෘද්ධි සංවර්ධන පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ,ඇතුලු කෘෂිකර්ම කේෂත්‍රයට අදාළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.