තිරසාර කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම අරමුණු කර ගනිමින් ශ්‍රි ලංකාව තුල කාබනික වගාවන් දිරි ගැන්වීමේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන දකුණු කොරියානු සෙමාවුල් ගෝලීය පදනම මේ වන විටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ග්‍රාම නිලධාරී වසම් 03 ක් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථක බිම්මල් වගා ව්‍යපෘතියක් හදුන්වා දෙමින් එම ගොවි ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට කටයුතු කරමින් සිටි.

ඉදිරියේදි කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් නියෝජනය වන පරිදි කෘෂි කාර්මික ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට නියමිතය.

මෙම අවස්ථාවට ව්‍යාපෘති සම්බන්ධිකාරක විරාජ් මහතා ද එක් විය.