ශරීර ශක්තිය යොදන කලාව හෙවත් අංගම්පොර ශිල්ප ක්‍රමය ශ්‍රී ලාංකේය පෞඩ ඉතිහාසයේ පවතින විශිෂ්ටතම හෙල දායාදයකි.එය විදහා පාන අපූර්ව අංගම්පොර ශිල්ප හරඹයක් අද (22) පෙරවරුවේ දී කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථාන එලිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.

කෑගල්ල දිසත්‍රිකක්යේ සිටින පාරම්පරික අංගම්පොර ශිල්පී පී.පියරත්න මහතා ප්‍රමුඛ එතුමාගේ ගෝල ශිල්පීන් විසින් මෙම සංදර්ශනය සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර දේව වන්දනාව, නර්තන අංගයක් ද සහිතව විශේෂාංග රැසකින් මෙම වැඩසටහන ව්ච්ත්‍රවත් විය. මෙම අපූර්ව වැඩසටහන සංවිධානය කරන ලද්දේ කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික නිළධාරිනී පද්මිණී වික්‍රමලතා මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසිනි .

මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක මහත්මිය ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන සේවයට පිවිසි නවක පරිපාලන නිලධාරීන් මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටිය හ.