ග්‍රාමීය ප්‍රජාවගේ දරිද්‍රතාවය අවම කර ගැනීම සඳහා ඔවුන්ගේ ආකල්ප, දැනුම හා ශක්තීන් හඳුනාගෙන කටයුතු කිරිම තුලින් හැකි වන බව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.

කෑගල්ල දිසාපතිවරයා මෙසේ සඳහන් කළේ තෝරා ගත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයක ආර්ථික සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ සමාජ සජීවීකරණය පිළිබඳ දින හතරක නේවාසික පුහුණු වැඩසටහනකට සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයේ සංවිධානයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණ කිරීමේ ආයතනයේ අධ්‍යාපන හා පුහුණු අංශය මඟින් සණස කැම්පස් ආයතන ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

තවදුරටත් දිසාපතිවරයා මෙසේ ද පැවසී ය. ග්‍රාමිය ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ඔවුන් සංවර්ධන ප්‍රවේශයට සම්බන්ධ කර ගැනිම ආර්ථික සංවර්ධන නිලධාරීන් වන ඔබ සැමගේ කාර්ය භාරය වන බව ද පෙන්වා දුන්නේ ය.

මම පුහුණු වැඩසටහනේ තුලින් ග්‍රාමීය සංවර්ධනයේ දී ප්‍රජා සහභාගීත්වය සහ සමාජ සජීවිකරණය, ග්‍රාම සංවර්ධන ක්‍රියාවලිය තුල සංවර්ධන නිලධාරීන්ට උපකරණ දැනුම හා කුසලතා සංවර්ධනය යනාදි කේෂත්‍ර පිලිබඳ අවබෝධය ලබා දීම සිදු වේ.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණ කිරීමේ ආයතනයේ අධි පර්යේෂක ආනන්ද සමරකෝන්, පුහුණු නිලධාරී චින්තක ජයසූරිය යන මහත්වරුන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් පිරිසක් ඇතුලු සහභාගී වී සිටිය හ.